නව චක්‍රලේඛයක්! වේලාවට වැඩ කිරීම රාජ්‍ය සේවකයන්ට අනිවාර්‍ය වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා රජයේ සේවකයන් කාර්යාල ගතව කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර ඇත.

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදු කරන බවට නිරීක්ෂණය වීමත් සමග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇති බව සඳහන් වේ.

එමෙන්ම එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු අතර, රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය කර ඇත.

මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධරයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු බවද සඳහන් වේ.

මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජකාරී කාලය තුළදී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු බවද දන්වා ඇත,

එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආබාධිත සේවාලාභින්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...