සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය ඇප ලබා දීඇත.

ලලිත් අනුරුද්ධ මහතාට චෝදනා එල්ලවී තිබුණේ, 2015 ජනාධිපතිවරණයට අදාළ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු බවට විශ්වාස කිරීමට කරුණු තිබියදී නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම හෙළිදරව් නොවන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලපෑම් කළ බවටයි,

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හා අදාළ නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් ඔහුට පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා සුළු දඩුවම් සහිත වසර 5 ක සිර දඩුවමක් නියම කළ අතර, එම දඩුවම් විදිමින් සිටින අතරතුර ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට මෙසේ රත්නපුර මහාධිකරණය මගින් ඇප ලබා දීඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...