*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

යුක්තිය මෙහෙයුමට සියම් මහ නිකායේ මහා සංඝරත්නයේ ආශිර්වාද!

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 17, මහනුවර (LNW): මත්ද්‍රව්‍ය ඇතුලු අපරාධකරුවන් මර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාද හිමිවන බව සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් පවසති.
මෙරට සමස්ථ ප්‍රජාව ආරක්‍ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව සිදු විය යුතු යැයි ද උන්වහන්සේ තවදුරටත් සඳහන් කළෝය.

යුක්තිය මෙහෙයුම ආරම්භ කොට මාසයක් පිරීම නිමිත්තෙන් මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා අද (17) මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බැහැ දුටුවේය.

මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. උන්වහන්සේ සමග සාකච්ඡාවේ නිරතවූ අමාත්‍යවරයා පසුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක සිය වැඩපිළිවෙල පිළිබදව දැනුම් දුන්නේය.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අමාත්‍යවරයා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසුව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දුටුවේය. පසුව ඒ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි හා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහ පිරිවෙන් පරිවේණාධිපති පුජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් ද බැහැ දැක සුහද පිළිසඳරක නිරතවූහ.
අපරාධ මර්ධනය සඳහා මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මෙහිදී පෙන්වා දුන් අතර විදෙස්ගත අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනිම සඳහා සාකච්ඡා කළ යුතු බව ද සඳහන් කළේය.
රජය ගෙන යන වැඩපිළිවෙලට මහා නායක හිමියන්ගේ හා අනුනායක හිමියන්ගේ ආශිර්වාද පළ වූ අතර මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුවිය යුතු යැයි උන්වහන්සේ එහිදී අවධාරණය කළෝය.

මහා නායක හිමියන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා, මාසයක් වැනි කෙටි කාලයක් තුළදී ඉලක්ක රැසක් ළගා කර ගැනීමට හැකිවූ බව කීවේය. මෙම මෙහෙයුම් අතරේ සතුරන් වැඩිවී ඇති බවත් මුදල් සබඳතා සහිත ප්‍රබල පාතාලය මර්ධනය කිරීමේදී බාධා මතුවන බවත් කීහ.
මිනී මැරුම් ඇතුලු අපාරාධ රැසක් සිදුකොට සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි රජය සමඟ සාකච්ඡා කළ බව ද අලස් මහතා කීවේය. එමෙන්ම නම ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරයට රතු නිවේදන නිකුත් කොට ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මෙරට අපරාධ මෙහෙයවීම සඳහා කොන්ත්‍රාත් ලබා දෙනුයේ විදේශගත අපරාධකරුවන් විසින් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පළාත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.

ඡයාරූප –
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදුටු අවස්ථාව

අමාත්‍ය ටිරාන් අලස් මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු අයුරු

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan