මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාවේ මෙහෙයුම් අත්හිටුවයි

Date:

ලොව ප්‍රමුඛ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගම් දෙකක් වන මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියාවට සිය සේවා සැපයීම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අදාල සමාගම් මගින් රුසියානු බැංකුවල පාරිභෝගිකයන්ට ලබාදුන් කාඩ්පත් මින්පසු අක්‍රිය වනු ඇත.

මීට අමතරව රුසියාවෙන් බැහැර රටකදී නිකුත් කරන ලද මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් රුසියාව තුළදී මුදල් ගනුදෙනු සඳහා භාවිතා කිරීමටද නොහැකි වනු ඇත.

මෙම තත්වය හේතුවෙන් රුසියානු බැංකු බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේන අර්බුදය හේතුවෙන් අදාල සමාගම් රුසියාවට මෙසේ සම්බාධක පනවා තිබේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා. විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති මෙම සංවාදයේදී යුක්රේනයට ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් සහ රුසියානු සම්බාධක තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

යුක්රේනයට ප්‍රහාරක ගුවන් යානා සැපයීමට අදාල ගිවිසුමකට එළඹීමට පෝලන්තය සහ ඇමරිකාව සූදානම්ව සිටී. මෙම ගිවිසුමට අනුව පෝලන්තය, සෝවියට් යුද සමයේදී භාවිතා කළ ප්‍රහාරක යානා කිහිපයක් යුක්රේනය වෙත සැපයෙනු ඇති අතර ඒ වෙනුවට පෝලන්තයට ඇමරිකාවෙන් එෆ් 16 වර්ගයේ නවීන ප්‍රහාරක යානා කිහිපයක් ලැබෙනු ඇත.

යුක්රේනය විසින් ප්‍රහාරක යානා සපයන්නැයි සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක වනු ඇත.

යුක්රේන – රුසියා අර්බුදයේදී ඉන්දියාව රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ලොව ප්‍රබල රටවල් රැසක විවේචනයට ලක්ව තිබේ. ප්‍රබල රටවල් රැසක් ඉන්දියාවට බලපෑම් කරමින් සිටින්නේ රුසියාව සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙසයි.

රුසියාවට එරෙහිව පසුගියදා ජගත් සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාව වැළකී සිටියේය.

ඉන්දියාව ආනයනය කරන යුද උපකරණවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ රුසියාව වන අතර මේ නිසා ඉන්දියාවට සෘජුවම රුසියාවට එරෙහිව යා නොහැකි තත්වයක් මතුව තිබේ.

යුක්රේන-රුසියා අර්බුදය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට මේ වනවිටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෛනවා. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයට යා හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවත් එම ආයතනය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...