ඉන්දියාවෙ ඡන්දෙට ලංකාවට මැච්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW): අයිපීඑල් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ශ්‍රී ලංකාවේ පැවත්වීමට අවමර ලබා දෙන බවට ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල ලේකම් ජේ.ෂා පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.මේ සඳහා හේතුව වී ඇත්තේ ඉන්දීය ලෝක් සභාවට දකුණු ඉන්දීය මහජන නියෝජිතයින් තෝරා ගැනීම සඳහා පවත්වන මහ මැතිවරණයේ දකුණු ඉන්දීය මැතිවරණය මැයි මාසයේ පැවත්වීමට නියමිත නිසයි.මේ තත්ත්වය මත දකුණු ඉන්දීය ප්‍රාන්තයේ පැවත්වෙන මැතිවරණ කටයුතුවලට පහසුවක් පිණිස චෙන්නායි හී පැවත්වීමට නියමිත තරග තුනක් ශ්‍රී ලංකාවට ලබා දීමට මෙම එකඟතාවය ඇති වී තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ මුල් කාලයේ මැතිවරණය පැවත්වුවහොත් චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර මැයි හයවන දා පැවත්වීමට නියමිත තරගයද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.අයිපිඑල් තරගාවලිය ඓතිහාසිකව ගත් විට සිටින ප්‍රබලම කණ්ඩායම් දෙක වන මෙම කණ්ඩායම් දෙක අතර තරගය ශ්‍රී ලංකාවට පැමිණියහොත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට වැඩි ඉන්දීය ප්‍රේක්ෂක පිරිසක් එම තරගවලට සහභාගි වීමෙන් විශාල විදේශීය මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට විශාල ඉඩක් පවතිනවා.

මැයි 6 වන දා සිට මෙම තරග තුන පැමිණියහොත් මැයි 14 දා දක්වා මේ තරග පැවත්වෙන අතර ක්‍රීඩා අමාත්‍යංශය සහ සංචාරක අමාත්‍යංශය එක්ව පවතින බැවින් මේ තරග සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තරග පැවත්වීමට අපේක්ෂා කරන හම්බන්තොට අවට නවාතැන් සම්බන්ධයෙන් විශේෂ පහසුකම් සැළසීම කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත්.එසේම හම්බන්තොට පැවත්වීම,ඉන්දීය ජනතාවගේ හින්දු විශ්වාස ආදිය ගැන සළකා බලන විට වඩා වැදගත්.වැඩිහිටි කන්ද සෙල්ල කතරගම සහ කතරගම වැනි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමත්,නවාතැන් කටයුතු සඳහා ප්‍රධාන හෝටල් මෙන්ම වෙනස් අත්දැකීම් සහිත ආකර්ශණයක් ඇති ස්ථාන කෙරෙහිද අවධානය යොමු කිරීම වටින්නේය.

ශ්‍රී ලංකාවට අයිපීඑල් තරගාවලියේ තරග තුනක් පැමිණීම සම්බන්ධයෙන් විවිධ මත පළවිය හැකිය.එහෙත් වැදගත්ම කාරණය වන්නේ එම තරග තුනෙන් මෙරට ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය මරමා ලබා ගැනීමට ඇති වැදගත්කම සැළකිල්ල යොමු කිරීමය.ශ්‍රී ලංකා ක්‍රිකට්,ක්‍රීඩා අමාත්‍යංශය සහ සංචාරක අමාත්‍යංශය එක්ව මේ සඳහා වෙනම න්‍යාය පත්‍රයක් සකස් කර කටයුතු කිරීම අතිශයින් වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...