මේක බැසිල්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය විමල්ලා ආණ්ඩුවේ ඉඳන් පක්ෂ ප්‍රවර්ධන කිරීමට යාමයි – SM

සියලු ප්‍රශ්නවලට හේතුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කුඩා පක්ෂ 11 නියෝජිතයින් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව ආරක්ෂා කරනවා වෙනුවට තමතමන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට යාම බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

“බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ ද්විත්ව පුරවැසිභාවයවත්, එහෙම නැත්නම් එතුමා ආර්ථික විශේෂඥයෙක් නොවීමවත්, එහෙම නැත්නම් එතුමා සාර්ථක මුදල් ඇමතිවරයෙක් නොවීමවත් නෙවෙයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඒ අය ආණ්ඩුවෙ ඉඳගෙන තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කිරීම. මේ තෙල් ප්‍රශ්නය වැඩි කළේ කට හින්දා උදය ගම්මන්පිල ඇමතිතුමාගෙ. ඒක පැහැදිලිවම කියන්න ඕනෙ. තෙල් හංගන්න පටන් ගත්තෙ එතුමාගේ ප්‍රකාශත් එක්ක. ඒ නිසා එතුමා ඒ වගකීම භාරගන්න ඕනෙ”

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...