සුදර්ශී බිමේ ඉදිවන බැද්දගේ පෙරහුරු කරළිය, හෙට සිට කලා කෙත අසවද්දන්නට විවෘතයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW): යළි පිබිදෙන සුදර්ශිය ලෙස නූතණත්වයට ගැලපෙන පරිදි සැකසෙන සිංහල සංස්කෘතික ආයතනයේ තවත් පෙර පුහුණුවට සුදුසු එළිමහන් බිමක් හෙට සිට ලාංකේය කලා කෙත අස්වැද්දීම සඳහා විවෘත වෙනවා.එය විශ්වීය වටිනාකමක් ඇති ලාංකේය ගැමි කලාවේ නියමු චරිතයක් වන රෝහණ බැද්දගේ සූරීන් නමින් වෙන් කර රොහණ බැද්දගේ පෙරහුරු කරළිය නමින් නම් කරන්නට කටයුතු යොදා තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ මව වන සාහිත්‍යවේදීනී නාලිනී වික්‍රමසිංහගේ පරිත්‍යාගයක් හැටියට සැළකෙන සුදර්ශි භූමිය කාලයක සිට එහි ඇති සංස්කෘතික වටිනාකම නොසළකා හැර දේශපාලනඥයන් ද,ඉහළ රාජ්‍ය නිලධාරින් ද මෙහි භූමිය අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.විශේෂයෙන්ස පොකුරු ගැසී පේළි ගැසී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා කලාකරුවන් ද මේ අවධානම ඉදිරියේ නිහඬව දෑත් බැඳ ගෙන සිටියා.එහෙත් වර්ථමාන සුදර්ශි පාළක මඩුල්ල කලා කේෂ්ත්‍රයට මේ භුමියේ වටිනාකම දැනෙන සේ සහ අවශ්‍යයතාවයේ වගකීමට මැදිහත්වීම සඳහා පෙළඹවෙන සුළු වැඩ කටයුතු රැසක් කරමින් සිටිනු දැකීම සතුටට කාරණයක්.එහෙත් තවමත් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලැබෙන තැන සිට ඒ අනුව ක්‍රියා කරන්නට සංස්කෘතික කටයුතු භාර දේශපාලකයෝ ද,ඔවුන්ගේ අණසකට යටත්ව නිවට නියාලුව හැසිරෙන නිලධාරීන් ද ජනාධිපති අණ ද නොතකා නොසළකා සිටින බවත් පෙනෙන්නට තිබෙනවා.

මෙවැනි වාතාවරණයක දැඩි වෙහෙසකින් කලාකරුවන් වෙනුවෙන් සුදර්ශිබිම රැක ගැනීමේ මෙහෙයුමේ තවත් වගකීම් සහගත පරමාදර්ශි මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි රෝහණ බැද්දගේ පෙරහුරු කරළිය හෙට (ජනාවරි 18) පෙරවරු 11.32 ට යෙදෙන සුබ මොහොතින් කලාවේ නියැලු සියලු ශිල්පීන් වෙනුවෙන් වෙන්ව විවෘත කෙරෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...