ඩොලර් බිලියනයක් ණය දෙන්න ඉන්දියාවෙන් කොන්දේසි ලැයිස්තුවක් – ආර්ථිකය ගොඩ ගන්න හැටිත් අහයි !

Date:

ඉන්දියානු රජයෙන් ඉල්ලා ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමෙන් පසු මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා ගැනීමට මෙරට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටියේය.

අදාල ණය මුදල ලබාදීමට නම් මෙරට රජය සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක් පිළිබඳව ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා. දිගුකාලීනව ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ග සිතියමක් ඉල්ලා ඇති අතර මීට අමතරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ආර්ථික හා උපයාමාර්ගික ක්‍රියාකාරකම් ලැයිස්තුවක්ද ඉල්ලා තිබේ.

නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් රැසක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ එක්සත් ජනපද නාවික හමුදාවේ මුලපිරීමක් වන බහරේනයේ බුද්ධි තොරතුරු බෙදාගැනීමේ කාර්යාලයට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ස්ථානගත කිරීම ඊට ඇතුළත් ය.

එමෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීමද ඊට ඇතුළත්ව ඇත.

ත්‍රිකුණාමලය ආශ්‍රිතව සාම්පූර් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම ඉන්දියාවේ තවත් කොන්දේසියකි.

මෙම ඉල්ලීම් සපුරාලන තෙක් අදාල ණය මුදල ලබා නොදෙන බවයි ඉන්දීය රජය දැනුම් දී තිබෙන්නේ.

මෙම ණය මුදල ලබා ගැනීමට අදාල සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් අවස්ථා දෙකකදී එම සංචාරය කල්දැමීමට සිදු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...