ඇමතිකම් අහිමි වූ විමල්-ගම්මන්පිල හතරවැනි පේළියට විසිවෙයි – එස්බීට මුල් පුටුවක් !

පසුගියදා සිදු වූ කැබිනට් සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ආසනවල වෙනසක් සිදුව තිබෙනවා. අනිද්දා ආරම්භ වන සභාවාරයේ සිට මෙම වෙනස්කම් ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මුල්පෙළ අසුනක් හිමිව තිබූ ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට සිව්වැනි පෙළ දක්වා පසුබැසීමට සිදු ඇති අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාටද දෙවැනි පෙළ සිට සිව්වැනි පෙළ දක්වා පසුපසට යාමට සිදුව තිබේ.

මේ අතර විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍ය ධුරය හිමි වූ එස්.බී. දිසානායක මහතා මෙතෙක් සිව්වැනි පෙළ අසුනක අසුන් ගත් අතර ඇමති ධුරය හේතුවෙන් ඔහුට පළමු පෙළ අසුනක අසුන්ගැනීමට අවස්ථාව හිමි වේ. ජ්‍යෙෂ්ටත්වය අනුව ඔහුට පළමු පේළියේ දෙවැනි ආසනය හිමිවන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා පවසන්නේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ සිට ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය දක්වා උසස්වීම් ලැබූ දිළුම් අමුණුගම මහතාටද පාර්ලිමේන්තුවේ දෙවැනි පෙළ අසුනක් දක්වා ඉදිරියට පැමිණීමට ලබන 08 වැනිදා සිට හැකියාව ලැබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...