*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

AI හරහා නැවුම් වූ Samsung Galaxy S24 series!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): ඊයේ (18) දිනයේදී Samsung සමාගම තම අලුත්ම Smart phone මාදිලිය ලෙස  Galaxy S24 series වෙළඳපොළට නිකුත් කරනු ලැබීය.

ඒ අනුව නවතම ජංගම දුරකතන ලෙස Galaxy S24, Galaxy S24+, සහ Galaxy S24 Ultra Samsung හඳුන්වා දෙනු ලැබීය.

විචාරකයන් පෙන්වා දෙන්නේ, Galaxy S24 වෙත නවතම වෙනස් කම් රාශියක් ඇතුළත්ව එළිදක්වා තිබෙනව බවයි.
 
දුටු පමණින් Galaxy S24 Ultra හා S23 Ultra බෙහෙවින් සමාන වන නමුත්, මෙහි AI හරහා ක්‍රියාත්මක විශේෂාංග රැසකින් සමන්විත වන බව සමාගම පවසයි.

Samsung යතුරුපුවරුව භාෂා 13 කින් යුක්ත වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Circle to Search මේ තුළ ඇති විශේෂ අංගයකි.

මෙහිදී යම් ඡායාරූපයක ඇති ඕනෑම වස්තුවක් රවුම් කිරීමෙන් Google මගින් එය සෙවීමේ හැකියාව පවතින බව දන්වා සිටී.

ටයිටේනියම් නිමැවුමෙන් එන නවතම දුරකතන ත්‍රිත්වය Samsung ලොලීන්ට විශේෂ අත්දැකීමක් ලබාදෙනු ඇති බව Samsung සමාගම පවසයි.

භෞතිකව මෙම නවතම උපාංගයට එක්වන විශාලම වෙනස වන්නේ මෙගා පික්සල් 50 කින් යුත් telephoto camera වයි.

නව උපාංගය Qualcomm’s new Snapdragon 8 Gen 3 ප්‍රොසසර් එකෙන් යුක්ත වීම හේතුවෙන් වේගය ගැන කලබල වියයුතු නොවේ.

5000 mAh බැටරියකින් සමන්විත වන දුරකතනයේ බැටරි ආයු කාලය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගන්නා බව පැවසේ.

එසේම මෙම දුරකථනයේ රාමුව Taitanium වලින් නිමවා ඇති බවට වාර්තා වේ. මෙහි DISPLAY අගල් 6.8 වන අතර Corning Gorilla Glass Armor වලින් නිමවා ඇත,
 
මෙහි Storage එක 256GB, 512GB සහ 1TB ලෙස මාදිලි 3 කින් මිලදී ගත හැකි අතර RAM එක 12GB වන බව සමාගම පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.


 
ගිය වසරේ නිකුත් කළ 23 Ultra දුරකථනයේ සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන අතර, මෙය Titanium Black, Titanium Gray, Titanium Violet, Titanium Yellow, Titanium Blue, Titanium Green, Titanium Ora ලෙස වර්ණ මාදිලි 7කින් හදුන්වා දී ඇති බව වාර්තා වේ.

Samsung ලොලීන්ට Samsung වෙබ් අඩවිය හරහා Pre Oder කිරීමට අවස්ථාව මේ වනවිටත් ලබා දී ඇති බව Samsung සමාගම දන්වා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan