ඉන්දියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් සිසුන් 12 දෙනෙකු මරුට

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 19.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද චාරිකාවක් අතරතුර වඩෝදර නගරයේ හාර්නි වැවේ බෝට්ටු සවාරියක් යාමේදී බෝට්ටුව පෙරලීමෙන් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විපතට පත් ඉතිරි පිරිස සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ වන විට සිසුන් 18 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් අසල රෝහලකට ඇතුලත් කර තිබේ. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇසින් දුටුවන් පවසන්නේ බෝට්ටුවේ විශාල ප්‍රමාණයක් යාම හේතුවෙන් ගිලි යන්නට ඇති බවයි.

බොහෝ දෙමාපියන් ආරක්ෂක කබා නොමැතිව ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් තම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවට බලධාරීන්ට, හා පාසලට චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...