සමඟිය බලය වේ

Date:

පවුලක් වශයෙන් දරුවන් , දෙමාපියන් ඇතුළු සාමාජිකයන් එකට එකතු වී කටයුතු කරන්නේ එම පවුලේ දුක සැප ඇතුළු සෑම දෙයක්ම එකට බෙදා හදාගෙන කටයුතු කිරීමටයි . එහෙත් පවුල වූ කලී විශාල වගකීමකි. එම සාමාජිකයන් අතර වූ විශ්වාසය බැඳීම කිසිවිටක කැඩී බිඳී යා නොහැකිය . වංචාවකින් තොර බැඳීමක් විය යුතුයි.

තම ගැටලුවක් අඩුපාඩුවක් තිබේනම් එය සෑම දෙනාම එකට එකතු වී සාකච්ඡා කර විසඳුමක් ලබා ගත යුතුය.

පවුලේ ගිනි පිටතට නොදිය යුතුය . පිටත ගිනි පවුලට නොගත යුතුය . පවුලේ වැඩිහිටියන්ට ගරු කල යුතුය. දෙන උපදෙස් පිළිපැදිය යුතුය . අඩුපාඩුවක් වේ නම් පෙන්වා දිය යුතුය .
එසේ නොමැතිව පවුල තුළ සිටිමින් එය කඩා බිඳ දැමීමට කුමණ්ත්‍රණ කරුවන්ට සහය වීම පවුලේ විශ්වාසය බිඳ දැමීමකි . එම විශ්වාසය කඩා බිම දමන්නන්ට තව දුරටත් එම පවුල තුළ සිටිය නොහැකිය . සිටීමට ඉඩ ලබා නොදිය යුතුය .

එකට එකතු වන කණ්ඩායමක් තුළ ද තිබිය යුත්තේ එකම අරමුණක් සහ එකම විශ්වාසකි. වංචාවෙන් කටයුතු කරන අයෙකුට කණ්ඩායම තුළ සිටීමට වරම් නැත.

වර්තමාන රජය බලයට පත් වූයේ එකමුතුකම හරහා රට ඉදිරියට ගෙන යාමටයි. එහෙත් පිටතට පැනීමට දෙපා දෙපැත්තේ තබාගෙන සිටින්නන්ට කණ්ඩායම තුළ කිසිදු ඉඩක් නොමැති බව සිහියේ තබා ගත යුතුය .

රජයේ සිටිමින් ඉටු කරන්නේ විපක්ෂයේ කාර්‍යභාරය නම් ඔවුන්ගෙන් විනයක් මිස රටට සහ රජයට කිසිදු සෙතක් සිදුවන්නේ නැත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...