පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මියයාම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

නාරම්මල ප්‍රදේශයේදී ඊයේ (18) සවස පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සිදුවීම අදාළ පොලිස් නිලධාරියාගේ නොසැලකිලිමත්කම සහ ඔහු විසින් නිසි ක්‍රියාපටිපාටිය පිළි නොපැදීම නිසා සිදුව ඇතැයි නිරීක්ෂණය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

යම් අනපේක්ෂිත සිදුවීමක් නිසා අමතක වීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වන්නට ඇතැයි අදාළ පොලිස් නිලධාරියා පවසන නමුත් සිද්ධිය පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදී ඔහුගේ දුර්වලතා කිහිපයක්ම දැකගැනීමට ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම පොලිස් නිලධාරීන් 80,000 ක පමණ පිරිසක් රාජකාරියේ නිරත වන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව පැවසූ ඒ මහතා මෙම පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පොලිසිය කිසිසේත්ම අනුමත නොකරන බවත් පොලිසිය කිසිසේත්ම මෙවැනි දෑ හිතාමතා නොකරන බවත් මෙම පොලිස් නිලධාරියාගේ ක්‍රියාව නිසා සමස්ත පොලිසියටම අපකීර්තියක් සිදුව ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයකු වන අතර වෙඩි තැබූ පොලිස් නිලධාරියා 59 හැවිරිදි අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...