Dewi Gustina Tobing කින්නියාවේ චාරිකාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): ඊයේ (19) සවස ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය කින්නියා නගර සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

කින්නියා නගර සභාවේ ලේකම් එම්.කේ.අනීස් මහතා විසින් රැස්ව සිටි පිරිස පිළිගෙන ඇත.

කින්නියා සහ ඉන්දුනීසියාව අතර පවතින සංස්කෘතික හා මිත්‍රශීලී  සබඳතා සහ කින්නියා නගරයේ අනාගත සංවර්ධනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව වර්තා වේ.

කින්නියා වේ සංවර්ධනය සම්බන්ධයෙන් ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළ බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සමීප සබඳතාවක් පවතින අතර ඉදිරියේදී සංස්කෘතික සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සබඳතාව දීර්ඝ කාලයක සිට පවතින බවත් ඉන්දුනීසියානු තානාපතිවරයා හමුවීම සංස්කෘතික වශයෙන් වැදගත් වන බවත් , ඉදිරියේදී එහි දියුණුවට මග පාදා දෙන බවත් කින්නියා නගර සභාවේ ලේකම් එම්.කේ. අනීස් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...