NAN 2024 සමුළුවට සහභාගි වූ අමාත්‍ය අලි සබ්රි රටවල් කිහිපයක විදෙස් අමාත්‍යවරුන් හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැදි ජාතීන්ගේ 19 වෙනි සමුළුවට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටින අමාත්‍ය අලි සබ්රි මහතා රටවල් කිහිපයකම විදෙස් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මෙම උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙන NAN 2024 සමුළුවට සමගාමීව ඇල්ජීරියාවේ විදේශ කටයුතු අමාත්‍ය Ahmed Attaf මහතාද හමුවූ අමාත්‍ය අලි සබ්රි මහතා , දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම පිළිබඳව අපි සාකච්ඡා කර ඇත.

තවද, රුසියාව, පාකිස්තානය, මාලදිවයින, ගානා සහ උගන්ඩාව යන රටවල විදේශ අමාත්‍යවරුන් හමු වී අමාත්‍යවරයා මෙසේ සාකච්ඡා කර ඇති අතර, එම රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ගොඩනගා ගැනීම මෙන්ම පවත්නා වෙළෙද සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

අප්‍රිකානු කලාපය සමග වෙළෙද හා ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම එම රටවල ශ්‍රී ලංකා ව්‍යාපාර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවද අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...