පාන් ගෙඩිය 100ට එහා යනවා. 150න් මෙහා නැවතුණොත් ඇති – බේකරි හිමියන්

Date:

පවතින තිරිඟු පිටි හිඟය ඇතුළු අර්බුදකාරී තත්වය අනුව ඉදිරියේදී පාන් රාත්තලක මිල අනිවාර්යයෙන්ම රුපියල් 100 ඉක්මවා යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“අද වෙනකොට බේකරි 1000 ක් පමණ වහලා දාලා තියෙනවා වැඩ කරගන්න බැරුව. අනිත් බේකරිත් වැඩ කරන්නේ සතියට දවස් 5යි. ඉතින් මේ විදියට යනකොට ඉදිරියේදී පාන් ගෙඩිය රුපියල් 100 නම් පනිනවා අනිවාර්යයෙන්ම. 100 නෙවෙයි 150න් වත් මෙහා නැවතුණොත් ඇති මේ යන විදියට. මේ තියෙන බඩු ගණන්, ගෑස්, අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100 ට වැඩියෙන් විකුණන්න ඕනෙ. 100 ට අඩුවෙන් විකුණුවා නම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියක් නෙවෙයි. ඉතින් අපට කියන්න දැන් කරුණු ඉතුරුවෙලා නැහැ. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සියලුම ප්‍රශ්න ටික අපේ කර පිටට ඇවිල්ලා ඉවරයි. තව සතියක් මේ විදියට ගියොත් මුළු ලංකාවෙ තියෙන සියලුම බේකරි ටික වහලා දාන මට්ටමට එයි. ඉතා සුළු ප්‍රමාණයක් විතරක් පවතීවි, 90%ක් බේකරි හිමියන් බැංකුවලට ණය ගෙවාගන්න බැරුව වහ බොන තත්වයට පත්වෙනවා. අපි රජයේ බලධාරීන්ට කියන්නෙ අප පිළිබඳව සැලකිල්ල දක්වන්න. අපේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒත් එහෙම කරන්න පුළුවන් වෙයිද කියලාත් සැකයි. මේ සියල්ලටම මුල ඩොලර් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට විසඳුමක් එනතුරු අපේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නැහැ”

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...