දිමුත් සහ පිරිවර ටෙස්ට් තරගය දින තුනෙන් අවසන් කරයි

Date:

ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පෙරේදා ආරම්භ වූ මෙම තරගය දින තුනකදී අවසන් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වූ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජ‌ඩේජා පිත්තෙන් නොදැවී ලකුණු 175 ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී ලකුණු 86 කට කඩුලු 09 ක් දවා ගැනීමට සමත් විය. ඒ් අනුව තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට එම දක්ෂතාවය ප්‍රමාණවත් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 574 ක දැවැන්ත ලකුණු පුවරුවක් ප්‍රතිවාදීන්‌ වෙනුවෙන් ලබා දුන්නේය.

ඉන්දීය කණ්ඩායම දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමග තරගයට එක්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ වේගපන්දු යවන්නන් තිදෙනෙකු හා එක් දඟපන්දු යවන්නෙකු සමගයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දවා ගැනීමට හැකි වූයේ කඩුලු 08 ක් පමණි. ඒ සඳහා ඔවුන් පන්දුවාර 129.2 ක් ක්‍රියාත්මක කර තිබිණි.

සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 174 ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 60 ක් ලබා ගත් අතර අනෙක් පිතිකරුවන්ගෙන් ලකුණු 20 සීමාව පසුකර ගියේ දිමුත්, මැතිව්ස් සහ අසලංක පමණි. අවසන් පිතිකරුවන් සිව්දෙනාම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයකි.

ලකුණු 400 ක් ිපටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක වූ අතර දෙවැනි ඉනිම වෙනුවෙන් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 178 ක් පමණි. දෙවැනි ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51 ක් ලබා ගත් අතර සෙසු පිතිකරුවන්ගෙන් ලකුණු 20 සීමාව පසුකළේ දිමුත්, මැතිව්ස්, අසලංක හා ධනන්ජය ද සිල්වා පමණි.

යළිත් අසාර්ථක වූ අවසන් පිතිකරුවන් සිව්දෙනා රැස් කළේ ලකුණු 06 ක් පමණි. සිය අවසන් ටෙස්ට් තරගාවලියට මුහුණ දෙන සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු ඉනිම දෙකේදීම ලකුණු 0 ට දැවීයාම විශේෂත්වයකි.

මෙම තරගයේදී ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 06 ක් දවාගත් අතර ඒ අනුව ඔහු මේ වනවිට ටෙස්ට් පිටියේ කඩුලු 436 ක් දවාගෙන තිබෙනවා. ඔහු අද කඩුලු 434 ක් දවාගෙන සිටින කපිල් දේව් පසුකර යමින් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ කඩුලු 619 ක් දවාගත් අනිල් කුම්බ්ලේ පමණි.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 12 වැනිදා ආරම්භ වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...