අමාත්‍ය කංචන විදුලි සේවකයන්ගේ ණය ගැන තීරණයක් ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ එම මණ්ඩලයට නව සේවකයන් බදවා ගැනීම පිළිබද තොරතුරු ලබාදෙන්නැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට සති දෙකකට පෙර මණ්ඩලයේ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති අතර, ඒ අනුව සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම් ප්‍රමාණය රුපියල් බිලියන 12000ක් පමණ වන බව වාර්තා වී ඇත.

එම ණය සඳහා වන පොලියෙන් තුනෙන් දෙකක් ගෙවීමද විදුලි බල මණ්ඩලය සිදුකෙරෙන බවද සඳහන් වේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, විදුලි බල මණ්ඩලය තම සේවකයන්ගේ ණය පොලී වෙනුවෙන් ගෙවන මුදල් අයවන්නේ ද මහජනතාවගේ විදුලි බිලෙන් බවයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම්වල පොලී ගෙවා දැමීම සදහා මහජනතාවගේ විදුලි බිලෙන් අයකර ගැනීම නවතා දමා ණය හිමියන්ගෙන්ම ඒවා අයකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී ඇති බව සඥන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...