මගී බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි, වැඩේ සම්පූර්ණ අසාර්ථකයි – බස් ගැමුණු

Date:

මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් හෙට දිනයේදීද ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාත්‍රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

දිවයින පුරා දෛනිකව ධාවනය වන සමස්ත මගී බස්රථ ප්‍රමාණය 5000 නොඉක්මවන අතර ඩීසල් අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් එම බස්රථ ද ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

ඩීසල් අර්බුදය විසඳා ගැනීම සඳහා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්රථවලට ඩීසල් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා රටපුරා පිහිටි ලංගම ඩිපෝ 50 ක් නම්කර තිබිණි. කෙසේ නමුත් එම වැඩපිළිවෙලද අසාර්ථක බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

ඩිපෝ 50 කින් ඩීසල් නිකුත් කරන බව බළධාරීන් ප්‍රකාශ කළද ඊයේ දිනයේදී ඩීසල් නිකුත් කර තිබෙන්නේ ඩිපෝ 03 කින් පමණක් බවද ඔහු පවසනවා. පෞද්ගලික බස්රථවලට ලබාදීමට නොව ලංගම බස්රථ සඳහාද ඇතැම් ඩිපෝ සතු ඩීසල් තොග ප්‍රමාණවත් නොවන බව විජේරත්න මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...