ශාන්ත පීටර්ස්බර්ග් ගෑස් පර්යන්තයේ පිපිරීමක්

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය ආසන්නයේ ගෑස් අපනයන පර්යන්තයක විශාල පිපිරීමක් හේතුවෙන් විශාල ගින්නක් ඇති වූ බව රජයට අයත් Ria Novosti ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර එම ප්‍රදේශයේ ඩ්‍රෝන යානා දැකගත හැකිව තිබීම හේතුවෙන් යුක්රේනය විසින් දියත්කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් ගින්න ඇතිව ඇති බවට සැක පල කෙරේ. මේ වන විට පර්යන්තයේ වැඩ කටයුතු අත්හිටුවා ඇති අතර රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ බලශක්ති යටිතල ව්‍යුහය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරන බවට ඔවුන් එකිනෙකට චෝදනා කර ගනිමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...