මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ සිද්ධිය සම්භන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශෝකය පළ කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): පසුගියදා නාරම්මලදී මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ සිද්ධිය සම්භන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශෝකය පළ කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්භන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තම ශෝකය පළ කරමින් මෙසේ සටහනක් තබා ඇත.

” නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් ඛේදනීය ලෙස ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලක මහතාගේ පවුලේ සැමට මාගේ හද පිරි ශෝකය. මෙම අඥාන ක්‍රියාව මම අවිවාදයෙන්ම හෙළා දකින අතර වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට දිවුරුම් දෙමි”

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පසුගියදා සවස හතට පමණ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් රොෂාන් කුමාරතිලක මහතා මියගිය අතර ඔහු නාරම්මල මහරච්චිමුල්ල වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ජීවිතක්ෂයට පත් හතළිස් දෙවැනි නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි වෘත්තියෙන් අඩුකාර්මිකයෙක් වන අතර ඔහු තිදරුපියකි. ඔහු මෙම ඛේදවාචකයට මුහුන දුන්නේ පසුගිය දහඅටවනදා රාත්‍රියේ ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් මීගමුව කුරුණෑගල මාර්ගයේ නරම්මල දෙසට ගමන් කරමින් සිටියදීය. අද දිනයේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...