*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

කළුපහන පහනක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයට ආලෝකය ගෙනෙයි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 22 කොළඹ (LNW): ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ මුහුණ දුන් පළමු තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය ගන්නට සමත් වුණා.ලකුණු 39 ක ජයක් සමඟින් පෙරට යන්නට සමත් වූ මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන වෙහෙසක් පිත්තෙන් සහ පන්දුවෙන් කරන්නට දිනුර කළුපහන සමත් වුණා.

ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්ත්වයකට වැටී කඩුලුත් ලකුණුත් හිඟ මොහොතක නිර්භිතව සහ සැළසුම් සහගතව පරිනත විලාසයෙන් පිත්ත හැසිර වූ දිනුර කළුපහන පන්දු 55 න් ලකුණු 60 රැස් කරා.ඒ සඳහා හතරේ පහර 6 ක් සහ හයේ පහර දෙකක් ද ඇතුළත් වුණා.දිනුරට සහයට සිටි එකම ලාංකේය පිතිකරුවා වූ සාරුජාන් ෂන්මුගනාදන් නොදැවී 41 රැස් කළේ පන්දු 40 පමණක් මුහුණ දෙමින්.ඔහු ඒ සඳහා හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් කළත් නිලකුණු පන්දු අවම කර ගනිමින් කෙටි ලකුණු ලබා ගනිමින් ලකුණු පූවරුව ඉහළට ගෙන එන්නට විශාල දායකත්වයක් දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 3 ක් ලකුණු 12 ට දැවී යාමෙන් පසුව වගකීම් සහගත ඉණිමක නියැලෙමින් රුසඳ ගමගේ සහ රුවිශාන් ද සිල්වා සිව්වන කඩුල්ලට ලකුණු 54 ක් සබඳතාවයක් එක් කළ ද ඒ වෙනුවෙන් ඔවුන් අතින් වාර්තා වූ නිලකුණු පන්දු ප්‍රමාණය ප්‍රමාණය ඉක්මවා ගියා.දෙදෙනාම ලකුණු 31 බැඟීන් ලබා ගත් අතර ඒ සඳහා රුවිශාන් පන්දු 112 ට ත්,රුසඳ පන්දු 87 ත් මුහුණ දෙනු ලැබුවා.පන්දු 199 දී ලකුණු 62 ක් යනු පන්දු ඕවර් 33.1 ක ලකුනු ප්‍රමාණයක් වූ විට ඒ පන්දු අපතේ යැවීමේ බරපතලකම තේරුම් ගැනීමට අපහසු නැති අතර සෙසු පන්දු ඕවර් 16.5 දී ශ්‍රී ලංකා ලකුණු පූවරුව වූ 204 න් ලකුණු 142 ක් එක් නොවුණානම් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට 150 කරා යන්නවත් අපහසු වන්නට තිබුණා.එහිදී ත් සම්පූර්ණ බරම මෙන් දිනුර සහ ෂන්මුගනාදන් විසින් දරා ගත්තා වැනියි.

දිනුර පන්දු යැවිමේදී ද ආරම්භක පන්දු යැවීමේ කාර්යයට පන දෙමින් පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 25 ට කඩුලු 1 ක් දවා ගන්නට සමත් වුණා.වර්ෂාවෙන් බාධා පැමිණෙන්නට පෙර සිටම වැසි ලකුණු නිසා ඩක්වර්ත් ලුවිස් අවධානය දැක ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශාල සැළසුමකට ලකුණු නො’එන සේ පන්දු යවනු ලැබුවා.පුහුණු තරගවලට වඩා හාත්පස වෙනස් දක්ෂතාවයක් පෙන්වූ විශාන හැළඹගේ ලකුණු නොලබා දැවී යාමට අමතරව ඩක්වර්ත් ලුවිස් මත තරග තීරණය වෙනස්වීම පැහැදිළිව දකින්නට තිබියදී ද සිය පන්දු ඕවර් 2 තුළ ලකුණු 23 ක් ද ලබා දුන්නා.ඒ නිසා අවසාන මොහොතේ පන්දු යැවීමට නො’කැඳවූ රවිශාන් පෙරේරා කැඳවීමට නායත සිදත් ජයවර්ධනට සිඳු වූ අතර එහිදී රවිශාන් එම වලකිම ඉටු කරමින් ලකුණු 2 ට කඩුලු 2 ක් ලබා සිය පන්දු ඕවරය නිමා කළා.

මල්ෂ තරුපති කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර ඔහු පන්දු ඕවර් 4 ලකුණු 17 නිමා කරමින් කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.විශ්ව ලහිරු පන්දු ඕවර් 5 ට ලකුණු 12 ක් ලබා දීමෙන් නොනැවතී කඩුලු දෙකක්ද දවා ගනු ලැබුවා.ගරුක සංඛේත ආරම්භක පන්දු වාරයේ සිටම ලකුණු 204 අභියෝගයක් බව සිම්බාබ්වේ කණ්ඩායමට හඟවමින් පන්දු යැවූ අතර ඔහු පන්දු ඕවර් 3.1 යවමින් එක් කඩුල්ලකු දවා ගනු ලැබුවා.
ලකුණු පූවරුවට පහත සබඳතාවයෙන් පිවිසීමට හැකියි.→
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/sri-lanka-under-19s-vs-zimbabwe-under-19s-6th-match-group-c-1399729/full-scorecard

කේසේ වුවත් දකුණු අප්‍රිකානු තණතීරු දෙස මෙරට සිට කළ සමහර අදහස්වලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද ඈදා ගනිමින් යොවුන් කණ්ඩායම සම්බන්ධයෙන් පළ කළ අදහස් තරගය නිමාවන විට ඒ පොළවේ සහ මොහොතේ වඩාත්ම හොඳ කණ්ඩායම තමන් වෙමින් ජයග්‍රහණයකින් කෙළවර කරන්නට සමත් වීම අගය කළ යුතු වෙනවා.

මේ අතර අද පැවති නේපාල අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ නවසීලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර තරගයේදී ලකණු 64 ක ජයක් ලබන්නට නවසීලන්තය සමත් වුණා.ස්නේහිත් රෙඩ්ඩි විසින් නොදැවී රැස් කළ අගනා ලකුණු 147 ක් ඉණිම නිසා නවසීලන්තයට සිය පන්දු ඕවර් 50 කඩුලු 8 ට ලකුණු 302 ක් ලබා නිමා කරන්නට හැකියාව උදා වුණා.පිළිතුරු ඉණිමට පිවිසි නේපාලය බලාපොරොතුත් නැති ආකාරයට හඹායාමක යෙදෙමින් නවසීලන්තය වෙත සෑහෙන පිඩනයක් ගොඩනඟනු ලැබුවා.නේපාලයේ අර්ජුන් කුමාල් ලකුණු 90 ක පිරුණු ඉණිමක් දියත් කරමින් නේපාලබෙලාපොරොත්තු ඉහළ නංවන්නට කටයුතු කළත් සෙස්සන්ගේ සහයෙන් තොරව නේපාල ඉණිම පන්දු 50 දී කඩුලු 9 ට ලකුණු 238 සීමාවේ රැදී තිබුණා.
එම ලකුණු පූවරුව →
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/nepal-under-19s-vs-new-zealand-under-19s-7th-match-group-d-1399730/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan