MJP වැඩපිළිවෙල මගේ පුද්ගලික ජනාධිපති සිහිනයක් වෙනුවන් හැදූ එකක් නෙවෙයි – දිලිත් ජයවීර (VIDEO)

Date:

මීළඟට පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නම් එහි අපේක්ෂකයකු වශයෙන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මව්බිම ජනතා පක්ෂයේ අපෙක්ෂාව නුදුරු අනාගතයේ එන ජනාධිපතිවරණය පමණක්ම ඉලක්ක වන වැඩලිපිළිවෙළක් නෙමෙයි. මේ පක්ෂය ලාංකාවේ ඓතිහාසික අවශ්‍යතාවයක් සඳහා බිහි වුණු බලවේගයක්. මේ පක්ෂය ඉතාම දාර්ශනික විදිහට තාර්කික විදිහට වැඩපිළිවෙළක් එක්ක ඒ වගේම ඒකට සරිලන කණ්ඩායමක් එක්ක විශේෂයෙන්ම තරුණයෝ, වෘතිකයින්, ඒ වගේම විද්‍යාර්ථයින්, ගොඩක් එකතු වුණ සංවිධානයක්. අපිට තියෙන්නේ ඉතා විශාල දීර්ඝ කාලින දැක්මක්”

ඔබ මගෙන් අහනවානම් මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කියලා මම හිතවා ඒක පටු දේශපාලන දුෂ්ඨි කෝනයෙන් තාමත් ඉදගෙන අහන ප්‍රශ්නයක්. එය අවශ්‍ය තාවය වන්නේ එය නම් ඒ සඳහා අවංකවම මම සූදනම් බව මය කියන්න පුළුවන්. නමුත් දිලිත් ජයවීර ජනාධිපති පුද්ගලික සිහිනයකින් හදපු කෙටිකාලින වැඩක් නෙමෙයි මේ. අනිවාර්යෙන්ම අපි ජනාධිපතිවරණයක් නම් එන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා ජග්‍රහණය කළ හැකි උපායමාර්ග අපි යොදනවා”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...