ගතවු පැය 24 තුළ සැකකරුවන් 838 ක් අල්ලයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289 ක් සමගින් මුළු සැකකරුවන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 10 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවත් පොලිසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, පහත මත්ද්‍රව්‍යද අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 211g
අයිස් 78g
ගංජා 16kg 600g
ගංජා පැල 9,974
මාවා 493 g
මදන මෝදක 36g
මත්පෙති 1,192

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 246 ක්ද සිටින අතර, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 05 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...