තුම්මුල්ලේ විමල්ගේ නඩුව විභාගයට දින නියම කෙරේ

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගය සඳහා මැයි 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීවරුන් ද හිටපු පළාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ද මෙම නඩුවෙහි විත්තිකරුවන් වශයෙන් නම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...