කලාපීය ප්‍රචණ්ඩත්වය උත්සන්න කරන බවට ඉරාකයෙන් ඇමරිකාවට චෝදනා

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති අන්තයේ, ඉරාකය තුළ සිට ඉරාන පිටුබලය ලබන සටන්කාමීන් විසින් ඉරාකයේ අයින් අල්-අසාද් ගුවන් කඳවුරට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල සහ රොකට් ප්‍රහාරයකින් පසු එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු කම්පන සහගත මොළයට තුවාල වලට බඳුන් විය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට ම මෙලෙස ප්‍රහර 150කට අධිකව සිදු වූ අතර ඒවා ඉරානය සමඟ පෙලගැසී ඇති සටන්කාමීන් විසින් දියත් කරන ලදි. මෙලෙස දිගින් දිගටම එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන බැග්ඩෑඩ්හි දේශපාලන සංවේදීතාවන් සහ කලාපීය යුද්ධයක අවදානම නොතකා මෙවර ජෝ බයිඩන් යුදමය වශයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, එක්සත් ජනපදය විසින් ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාවන්ට සම්බන්ධ පහසුකම් තුනකට එරෙහිව එක රැයකින් පළිගැනීමේ ප්‍රහාර දියත් කළබවට පෙන්ටගනය තහවුරු කිරීම්ත් සමග ඉතාම නොසැලකිලිමත් ලෙස කලාපී ප්‍රචන්ඩත්වය උත්සන්න කරන බවට ඉරානය එකසත් ජනපදයට චොදනා කර තිබෙ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනක් නිකුත් කරමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියේ, කටයිබ් හිස්බුල්ලා සහ අනෙකුත් ඉරානයට සම්බන්ධ කණ්ඩායම්වලට එල්ල වූ ප්‍රහාර පැහැදිලිවම සිය හමුදා කණ්ඩායම් වලට එල්ල කල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශක්‍යකු සදහන් කර තිබුණේ, මෙම ප්‍රහාර වසර ගණනාවක සහයෝගීතාවය අඩපණ කරන බවත්, ඉරාකයේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...