ජීවිතක්ෂයට පත් සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කාටද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): ජීවිතක්ෂයට පත් සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිත බව වාර්තා වනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වුණු අතර , එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගැනීමට සමත් විය.

එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමි කරගත් අතර ඔහුට ලැබුණු මනාප සංඛ්‍යාව 40527කි.

ඒ අනුව සනත් නිශාන්තගෙන් පසු හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකර මහතා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...