ලෝකෙට 200 – අපිට 145 වෙද්දි,රගර් උතුරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 26, කොළඹ (LNW): දෙශතකයක් සපිරෙන ලෝක රග්බි සම්මේලනය ඒ් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් විවිධ කේෂ්ත්‍රවල විෂය ප්‍රවීනයන්ගේ දායකත්වය ඇතුව ක්‍රියාත්මක ශ්‍රී ලංකා රග්බි පුහුණු සංවර්ධන සහ අධ්‍යාපන වැඩසටහනක් සැළසුම් කර ඇත.ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් සම්රත් ප්‍රනාන්දු,රොෂාන් ද සිල්වා සහ තනූජා වීරකොඩි විසින් සංවිධානය කරන මෙම වැඩ සටහන්වලදී උපදේශකයන් ලෙස වයිපර් ගුණරත්න,ආනන්ද කස්තුරිආරච්චි සහ අනිල් ජයසිංහ කටයුතු කරනු ලබයි.

ගුණරත්නයන් පුහුණුකරු විෂය සම්බන්ධයෙන් පුහුණු කටයුතු මෙහෙයවන අතර ශක්තිය සහ යෝග්‍යතාවයන් සම්බන්ධයෙන් පුහුණු කිරීම ආනන්ද කස්තුරිආරච්චි විසින් මෙහෙයවයි.අනිල් ජයසිංහට තරග නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම පැවරී ඇත.

වසර දෙසියයක් ජාත්‍යන්තර රග්බි පාලනයට වයස අතර වසර 145 ක් ආයු විද ඇති ආසියාවේ පැරණිතම රග්බි ක්‍රීඩා අභිමානයක් ඇති රටක් වන ශ්‍රී ලංකාව යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාත් කලාපයේ මෙවැනි පුහුණු හා සංවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව හා සම්බන්ධිත වැදගත් ප්‍රවේශයකි.එසේම ප්‍රධාන ක්‍රීඩා සමාජ කිහිපයකට යටත් කර ආසියාවේ නොමේරු ඉතිහාසයක් ඇති පිරිසකගේ බලයට විවිධ පෞද්ගලික අභිමතාර්ථ මූලික කරගෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව යටපත් කිරීම පිණිස ලාංකේය දේශපාලනයද යොදාගෙන නැඟුණු රැල්ලට පසුගිය කාලයේ ශ්‍රී ලංකා රග්බි,නොසැලෙන ශක්තියෙන් මුහුණ දීමට ගත් උත්සාහය සුරැකීම ද,වර්ථමානය විසින් ඉටු කළ යුතු වගකීමකි.
උතුරේ රගර් ක්‍රීඩාවේ ප්‍රබෝධය අපේක්ෂාවෙන් සිඳු කරනු ලබන මෙම වැඩ සටහන් සඳහා ජනවාරි 24 දා 30 දෙනෙකු සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ පුහුණු සහ අධ්‍යාපන වැඩසටහනක් ද, 30 දෙනෙක් සඳහා වවුනියා විශ්වවිද්‍යාලයේ පුහුණු හා අධ්‍යාපන වැඩසටහනක් ද පවත්වන්නට යෙදිණි.ලංකාවේ සීමිත පිරිසකගේ බලයට රගර් යටත් කර ගැනීමේ බල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන මොහොතක ලෝකයේ ආශිර්වාදය ඇතුළු රටේ අලුත් රගර් පිබිදීම සඳහා ඇතුල්වීම හෙට දවසේ ලාංකේය රගර් ක්‍රීඩාවට අතිශයින් වැදගත් වන අතර,අලුත් රගර් සංස්කෘතියක් හරහා නව ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් සඳහා ප්‍රවේශ වීමට රගර් හී පාලන බලය ව්‍යාප්තව පැතරි යන තත්ත්වයෙන් තබා ගැනීමේ වැදගත්කම සහ යුතුකම පැහැදීමක් හැටියට ද මේ වැඩ සටහන් හඳුනා ගැනීමට හැකිය.

මේ සමඟ වන්නේ එම පුහුණුවේ සම්පත්ලාභීන් සහ පුහුණුකරන්නන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...