Benjamin Netanyahu තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ලිපියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ඊශ්‍රායල ජාතික ආරක්ෂක නිලධාරීන්, විද්‍යාඥයන් සහ ප්‍රමුඛ ව්‍යාපාරික නායකයින් 40කට වැඩි පිරිසක් ඊශ්‍රායල ජනාධිපතිවරයාට සහ කථානායකවරයා වෙත ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ Netanyahu අගමැතිවරයා තනතුරේ තවදුරටත් කටයුතු කිරීම එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බවයි.

ලිපියට අත්සන් කළ අය අතර ඊශ්‍රායලයේ විදේශ සහ දේශීය ආරක්ෂක සේවාවල හිටපු අධ්‍යක්ෂවරුන් හතර දෙනෙක්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) හිටපු ප්‍රධානීන් දෙදෙනෙක් සහ නොබෙල් ත්‍යාගලාභීන් තිදෙනෙක්ද ඇතුළත් වනවා.

ඊශ්‍රායල ඉතිහාසයේ තුළ එරට භීතියට පත්කළ දිනයක් වූ ඔක්තෝබර් 7 ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ආරක්‍ෂාව බිඳවැටීමට තුඩු දුන් බව ඔවුන් පවසන අතර, ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු දරන දැඩි මතභේදාත්මක උත්සාහයන්ට එකඟ විය නොහැකි බවයි.

ඊශ්‍රායෙල් ජාතිකයන් සහ තවත් 1,200කට අධික පිරිසක් කුරිරු ලෙස සමූල ඝාතනය කිරීමටත්, 4,500කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීමටත්, සහ පුද්ගලයන් 230කට වැඩි පිරිසක් පැහැර ගැනීමටත් හේතු වූ තත්ත්වයන් නිර්මාණය කිරීමේ මූලික වගකීම Netanyahu භාරගත යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...