සමාජ මාධ්‍ය නියාමනයක් තිබිය යුතුයි – පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ පවසන්නේ, සමාජ මාධ්‍ය නියාමනයක් තිබිය යුතු බවයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල අක්මීමන පංචථූපාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක දීය.

පූජ්‍ය අක්මීමන පියරතන ස්වාමින් වහන්සේ වෙත සද්ධර්ම කිර්ති ශ්‍රී ධම්මදින්න අත්තදස්සි යන ගෞරව නාමය සහිතව ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝානයක පදවිය පිරිනැමීම වෙනුවෙන් උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් ලබුදූවේ දී පැවැත්වුණි.

මෙහිදි උන්වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැනීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදුකෙරුණු අතර විජිනි පත පිළිගැන්වුයේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.

මීට සමගාමිව අක්මීමන තොටගොඩ පංචථූපාරාමයේ ඉදිකළ ධාතු මන්දිය, ධර්ම ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතින් සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...