අන්තර් කලායතන නර්තන හා සංගීත රාජ්‍ය සම්මාන උලෙළෙදී විශිෂ්ටයෝ පිදුම් ලබති

Date:

විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත නර්තන සහ සංගීත අංගයන් තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ උලෙළෙදී පිදුම් ලැබුහ.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ,රාජ්‍ය සංගීත උපදේශක සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ,රාජ්‍ය නර්තන හා මුද්‍රානාට්‍ය උපදේශ සභාව සභාපති මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.

රාජ්‍ය සංගීත උපදේශක සභාව,රාජ්‍ය නර්තන හා මුද්‍රානාට්‍ය උපදේශ සභාව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම උළෙල සංවිධානය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...