අපි අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ අපට අවශ්‍ය ආකාරයට, ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස නොවේ – ටිරාන් අලස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා ඊයේ(28) මීගමුව ප්‍රදේශයේ පැවති විශේෂ වැඩමුළුවකදී එක්වෙමින්, අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේය.

ඒ පිලිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා,

“යුක්තිය මෙහෙයුම තුළින් රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන, මත්ද්‍රව්‍ය බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුවන අවස්ථාවේදී වැඩ බලන පොලිස්පතිතුමාටත් අමාත්‍යවරයා ලෙස මටත් දිගින් දිගටම විවිධ ආකාරයේ බාධාවන්වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. අතලොස්සක් නීතිඥවරුන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලින් යැපෙන පිරිස් මේ මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාස සිදු කරනවා. රාජ්‍ය නොවන සංවිධාන වල ඇතැම් නියෝජිතයින් සමග එක්ව ජාත්‍යන්තරයට විවිධ පැමිණිලි සිදු කරනවා. ඒ අනුව පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් රටේ සමස්ත ජනතාවම ඉල්ලා සිටින්නේ මෙම මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන ලෙසයි.”

“මේ අපේ රට. අපි අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ අපට අවශ්‍ය ආකාරයට මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවේ. මා මෙම අමාත්‍ය ධුරය දරන තාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බව ප්‍රකාශ කරන්නට කැමතියි. සමාජ මාධ්‍ය තුළින් රටට එරෙහිව කටයුතු කරන ඇතැම් කුහකයින් පමණක් මේ මෙහෙයුම අඩපණ කිරීමට උත්සාහ දරනවා. දිගින් දිගටම සිදුවන මරණ තර්ජන වලට පවා මුහුණ දෙමින් අප මේ උත්සාහ කරන්නේ රටේ අනාගත දරු පරපුර සුරක්ෂිත කිරීමටයි. ජාවාරම්කරුවන්ගේ, අපරාධකරුවන්ගේ කිසිදු බලවේගයකට අප නතර කිරීමට හැකියාවක් නැහැ. අපරාධකරුවන්ගේ මිලියන ගණනක් මුදල් මත යැපෙන ඇතැම් නීතිඥයින් ඇතුළු පිරිස් උත්සාහ කරන්නේ අප සිදු කරන වැඩපිළිවෙල කෙසේ හෝ කඩාකප්පල් කිරීමටයි. අවශ්‍ය අවස්ථාවේදී රටේ ජනතාව ඔවුන්ට නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව මා විශ්වාස කරනවා. ජූනි 30 වන විට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදු කිරීමට අප කටයුතු කරනවා. රටට බරක් වූ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටින් තුරන් කළ යුතුයි. අපරාධ වලින්, මත්ද්‍රව්‍ය වලින් රට බේරා ගැනීමේ එකම අරමුණකින් යුතුව අප කටයුතු කරනවා” යනුවෙනුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...