*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ෂමාර්, තමන් මත නොවැටුණු මහා ගස ඔස්ට්‍රේලියාව මත හෙළයි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 29 කොළඹ (LNW): මේ මොහොතේ ක්‍රිකට් ලෝකයේ ආකර්ශණීයම නම් දෙක වි ඇත්තේ ෂමාර් ජෝෂප් සහ ටොහ් හාර්ට්ලිය.ඒ කොදෙව්වන්ට වසර 27 ට පසුව ඔස්ට්‍රේලියාවේදි දිනා දුන් ටෙස්ට් තරගයට ෂමාර් පන්දුවෙන් දැක් වූ දායකත්වයත්,ඉන්දියාවට එරෙහිව එංගලන්තය දිනවීමට සඳහා පන්දුවෙන් ටොම් දැක් වූ දායකත්වයත් නිසාය.මේ චරිත දෙකම විශේෂයෙන් ලියා තැබිය යුතු චරිතය.ඒ අතරින පළමු තැන ෂමාර් වන්නේ ඔහුගේ ජිවිතයේ මෑත ආසන්න ඉතිහාසය බැලුවත් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනු ඇතැයි සහ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි යන්න ඔහුවත් සිතා නොතිබුණු බැවිනි.

ඔහුගේ ගම ගයානාවේ ඇත පිටිසරය.එය දුෂ්කර මෙන්ම නොදියුණු ගමකි.ලෝකයම එක යායක් කියන තත්ත්වයට පැමිණ ඇතත් ෂමාර්ගේ ගම වන ගයනාවේ දුෂ්කර බරාකර් ගමට ස්ථාවර දුරකතන සබඳතා අන්තර්ජාල ප්‍රවේශයන් හඳුනාගන්නට ලැබෙන්නේ ද 2018 වර්ෂයේය.නවීනත්වයෙන් හුදෙකලා වීම පමණක් නොව ඔවුන්ට වෙනත් ගමක් හෝ නගරයක් සමඟ සම්බන්ධවීමද දුෂ්කරය.ඒ සඳහා කැන්ජේ නදියේ ගමන් කරන කුඩා බෝට්ටුවක නැඟී යා යුතුය.ආසන්නම නගරය වන නිව් ඇමස්ටර්ඩෑම් දක්වා ඔවුන්ගේ බෝට්ටු ගමනට ගෙවිය යුතු දුර කිලෝ මීටර් 121 කි.

කළු සුදු රූපවාහිනි තිර මතින් පමණක් ලෝකය ගැන දැනගන්න,විනෝදය සපයාගන්න ඔවුන්ට ඉන් එහා යාමකට නොහැකි ගමන් දුෂ්කරතාවය නිසාම පමණක් නොවේය.ආර්ථික දුෂ්කරතාද මේ ගම්මානයේ පවුල්වලට පොදු සාධකයක්ය.සරල කෘෂීකර්මාන්තය සිඳු වුණ ද බරාකර් හී වැඩි දෙනෙක් දැව කපන්නෝය.ෂමාර්ට ද වෙනත් රැකියාවක් තිබුණේ නැත.ඔහුද මිට වසර තුනකට පෙර සිටියේ දැව කපන්නෙක් ලෙසය.එහෙත් දිනක් ඔහු මතට කඩා වැටීමට ගිය ගසක් නිසා ෂමාර් ජෝෂප් තැති ගන්නේය.ගමේ හැටියටම ඔහුගේ ජීවිතයේ ද සියල්ල සිඳු වී තිබුණු අතර ඒ වන විටත් 21 හැවිරිදි ඔහු විවාහ වී දරුවෙකුගේ මුහුණ බලන්නට ද සූදානමින් සිටියේය.ඇය ත්‍රිෂානා වූ අතර ගස් කැපීමේ ජීවිත අවදානම නිසා ඇයත් ඔහුත් ගමෙන් වෙන්වී නගරයට එන්නට තීන්දු කළේය.

ඒ පැමිණිමෙන් ඉනික්බිති ෂමාර්ට ලෝකයේ හැබෑ විශාලත්වය මෙන්ම කුඩා කමද එකවර විඳින්නට ලැබිණ.ඒ අන්තර් ජාල පහසුකම් නිසාය.ඔහු කුඩා කළ සිට ඇළුම් කළ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්තයන් වෙන කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ කෝට්නි වොල්ෂ්ගේ වීඩියෝ දර්ශන නැරඹීමට ඉඩ ලැබිණි.ක්‍රිකට් ආදරය තිබුණාට ඒ ගැන සුළු බලාපොරොත්තුවක් ඇති වූයේ ෂමාර්ට අවුරුදු 13 දී පමණ සිය ගමට පැමිණි ක්‍රිකට් පුහුණුකරුවන් පැවත් වූ කඳවුරෙන්ය. හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේමියන් වැන්ටූල්, හිටපු බටහිර ඉන්දීය කොදෙව් ජාත්‍යන්තර ක්‍රීඩක රොයිස්ටන් ක්‍රැන්ඩන් බරකාරා වෙත පැමිණි පුහුණුකරුවෝ වූහ.පුහුණුකරුවෝ ද ෂමාර් දක්ෂයෙක් ලෙස දුටුවද කැන්ජේ ගඟෙන් එපිට නොපෙනෙන ඒ ජීවිත ගැන කම්පාවක් මිස වෙන දෙයක් ගෙනෙන්නට ඔවුන්ට නොහැකි විය.

නගරයට ගැබිණි බිරිඳත් සමඟ පැමිණි ෂමාර් එහිදී විවිධ රැකියාවන් සොයමින් වෙහෙසිණි.ක්‍රිකට් හිතේ ළඟටවත් ගන්නට විවේකයක් නොතිබිණි.ගමේ දී ටේප් බෝල් ක්‍රිකට් ටෙනිස් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරයෙන්ම නගරයේදී ද යම් විවේක මොහොතක ඔහු ක්‍රීඩා කිරීමට කැමත්තක් දැක්වුව ද,ජාතික කණ්ඩායම යන්න ඔහුගේ සිහිනවලටවත් පැමිණ තිබුණේ නැත.ඔහු ආරක්ෂක නිලධාරියෙක් ලෙස රැකියාවක් සොයාගෙන තමන්ටත්,බිරිදටත් ඇය වඳන්නට සිටින තමාගේ ලෙයින් පෝෂණය වූ දරු සිගිත්තාටත් නිදහසේ සිටිය හැකි වැටුපක් ලැබීම ලොකුම අදහස විය.

එහෙත් ඔහුගේ ක්‍රිකට් ආශාවට තටු පළදින්න කලකට ඉහත තමන්ව දකින්නට ආ ක්‍රිකට් පුහුණුකරුවෙක් වූ වැන්ටූල් දායක වන්නේය.ෂමාර්ට රැකියාව අත ඇරීමේ අවධානම ගන්නට සිදු වියි.නිව් ඇමස්ටර්ඩෑම් හී ටක්බර් පාර්ක්වලින් ෂමාර් ක්‍රිකට් පිටියට පය තැබීය.ඉනික්බිති ගයානා හාපි ඊගල්ස් සමඟය.කවදාවත් යොවුන් කණ්ඩායමතට ක්‍රීඩා කරන්න වරම් නොලද ෂමාර් ක්‍රමයෙන් ගයානා ජාතික කණ්ඩායමට ඇතුළත්වන මට්ටමට දස්කම් වර්ධනය කර ගන්නේය.ඔහුගේ කණ්ඩායම් සඟයෙක් ලෙස ජාතික කණ්ඩායමේදී ද එකට සිටින රොමාරියෝ ෂෙපර්ඩ් සමඟින් ගයානා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ද විය.එහිදී ඔහුගේ පුහුණුකරු වූයේ ෂමාර්ව බර්කාරා හී දී දුටු පුහුණුකරුවෙක් වන රොයිස්ටන් ක්‍රැන්ඩන්ගේ සොහොයුරා වන එසුවාන් ක්‍රැන්ඩන් වීම අපූරු සබඳතාවයක් විය.

දැව කපන කම්කරුවෙකුට වෙහෙස වන විට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍යය නැත.කැපවීමෙන් දුක් දරමින් ඔහු දිනෙන් දින විශ්වාසවන්තකමක් ක්‍රිකට් දක්ෂතාවලට එකතු කර ගන්නට විය.ගයානා කණ්ඩායමට එන්නට පෙර කර්ට්ලි ඇම්බ්‍රෝස් විසින් මෙහෙයවන ලද පුහුණු කදවුුරකදී අම්බ්‍රොස් ද මේ ජවසම්පන්න ඉලංදාරියාටම සුබ පතා කීවේ තව වසරකින් ඔහු ගයානා ජාතික කණ්ඩායමේ සිටිය යුතු බවය.ශාරිරික යෝග්‍යතාවය ඉතා ඉහළින්ම පවත්වාගෙන යන ෂමාර් ජෝෂප් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලද විශිෂ්ඨ ජයග්‍රහණයේදී ඊට පෙර දිනයේ දී පාදයක ඇඟිල්ලක් තුවාලවීමෙන් පීඩාවට පත්ව උන්නේය.එහෙත් දින ගණන් ඔරුකදක නගරයන් දකින්න කැන්ජෙ ඟඟ තරණය කළ සහ මහා දැව කඳන් මත දැනෙන පීඩනය දුක පොරෝ පහරවල් ලෙසින් නොනැවතී හෙලන්නට ශක්තිමක් වූ ෂමාර් ඒ කුවාල වේදනාවට වඩා ජිවිත අරමුණට ආදරය කළේය.එය යථාර්තයක් කරමින් වේදනාව ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ කඩුලු මත අත හැරිය සමාර් ජෝෂප් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අනපේක්ෂිත ජයක් අත් කර දුන්නේය.තරගයෙ වීරයා ද වූයේ ඔහුය එපමණක් නොව පිත්තෙන්ද තරග දෙකේදී ලකුණු 57 ක් එකතු කරගෙන සිටි ඔහු කඩුලු 13 ක් ද දවා ගනිමින් තරගාවලියේ පළමු තරගය පරාජය වී තිබියදී තරගාවලිය සම කරන්නට දැක් වූ දායකත්වයද සළකා තරගාවලියේ වීරයා ද විය.

බරාකර් හී දැව කඳක් ඔහු මත වැටෙන්නට යාමේ අවදානම නිසා දින දෙකක් තිස්සේ සිය බිරිඳත් සමඟ කැන්ජේ නදිය තරණය කර නිව් ඇමස්ටර්ඩෑම් වෙත පැමිණි මේ තරුණයා ඒ මහා ගස ඔස්ට්‍රේලියානු කීර්තිය සුණු විසුණු වෙන්නට ඒ මත අත හැර දමා ඇත.හෙට බොහෝ දේ ඔහු ක්‍රිකට්වලට එකතු කරනු ඇතැයි සිතිය හැකිය.සේ සියලු කතා ඇතුළේ ක්‍රිකට් වෙනුවෙන් ඔහු ගන්නා ලද තීරණවලදී ඒ මොහොතේ තිබුණ අවධානම නොතකා ඒ කීරණ සමග ආදරයෙන් සිටි ත්‍රිෂානා ප්‍රිය බිරිඳ ද අමතක කළ නොහැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan