පොලිසියට චන්ඩිකම් දැමූ කත ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් බව කියන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදීම සහ පොලිස් කාන්තාවකට පහරදීම යන චෝදනා යටතේ බව පොලිසිය පවසයි.

මාතර දෙවිනුවර ඔරලෝසු කණුව ආසන්නයේදී ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය රථයේ ගමන්මගට බාධා කළ බව පවසමින් එම කාන්තාව නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර, අදාළ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිස් ස්ථානය ආසන්නයේදී අදාළ කාන්තාව ගමන්කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් නවත්වාගෙන ඇති බව පොලිසිය කියයි.

එහිදී කුපිත වූ එම කාන්තාව පොලිස් නිලධාරිනියකට කළ පහරදීමක් හේතුවෙන් එම නිලධාරිනිය රෝහල්ගතකර ඇති බවද වාර්තා වේ.

පසුව සැකකාර කාන්තාව ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වාහනය ද පොලිස් භාරයට ගෙන ඇති බව පැවසේ. අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ගන්දර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...