කොළඹ LNW:පොල් කඩා ජීවත් වන මනුස්සයෙකුගේ තත්ත්වයවත් අද වන විට රාජ්‍ය සේවකයින්ට නොමැති අතර රජයේ සේවකයන් මේ වන විට ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ,අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
”අපි මේ වෙලාවේ කරන්න ඕන ජනතාවට ඉතාමත් අත්‍යවශ්‍යය කරන සංවර්ධන ක්‍රම මිසක් වෙන අයට අවශ්‍යය දේවල් නෙමෙයි. කුකුළු පාලනය මගින් බිත්තර ලබා ගැනීම වෙනුවෙන් ඉපලෝගම හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම ග්‍රාමසේවා වසමකම, කාන්තාවන් 25 දෙනෙක් වෙනුවෙන් මෙම සතුටු පවුල නමින් ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ හරහා පෝෂණය පිළිබඳ ඉදිරියේදී ගැටලුවක් ඇති නොවෙයි. සාමාන්‍යයෙන් ගමක මේ ගෙදර වට්ටක්කා වැව්වොත් හොඳ ආදායකමක් ගත්තොත් අල්ලපු ගෙදරත් වට්ටක්කා වවවනවා, මුළු ගමම වට්ටක්කා වවනවා, වට්ටක්කා මිළ බින්දුවට බැස්සම, වට්ටක්කා ඇති වෙනවා. අපි විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය ගම්වලට ගෙනිච්චම,මේක අනෙක් අයත් ආරම්භ කරයි. කුකුළු පැටව් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන් මේ ව්‍යාපෘතිය හරහා තවත් අතුරු ව්‍යාපෘති රාශියක් කරන්න පුලුවන්කම තියෙනවා.
අපි කෘෂිකර්ම අමාත්‍යංශය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20 000 ක් වගා කිරීම වෙනුවෙන් නොමිලේ බීජ, පොහොර ලබා දුන්නා. ඒ වගේම ලබන සතිය වන විට සී සෑම සඳහා මුදල් ගිණුමට බැර කරනවා. මේ අක්කර 20 000 ක වගා කළ ගොවීන්ගේ වගා බිම් බලන්න ගියහම අපි සතුටු වෙනවා. සමහරු අක්කර ගණන් සාර්ථකව වගා කරලා තියෙනවා. වාණිජ කෘෂිකර්මාන්තය පැත්තෙන් ඒ අය මොන තරම් ආදායමක් ගත්තත්, ඒ අයගේ ගෙවල් වලට ගියහම, අපි මේ වගා බිම් බලන්න ගියහම ඒ අය කෑම ටිකක්, තේ ටිකක් ගෙදරට එක්කගෙන ගිහින් අපිට දෙනවානේ. ඒ වගේ වෙලාවක කුස්සියෙන් එළියට ගිහින් බැලුවම, අර අක්කර 5ක් – 10 ක් වගා කරපු ගොවියාගේ, ගෙදර මිරිස් පැළයක් හිටවගෙන නෑ, ගෙදර තක්කාලී පැළයක් නෑ, මාළු මිරිස් ටිකක් වෙන්න පුලුවන් මේ කිසි දෙයක් නෑ. හැබැයි මෙච්චර ආදායමක් ගන්න වාණිජ කෘෂිකර්මාන්තය කරන අපේ පළාතේ පහුගිය කාලේ කැරට් ටික 2300 ට ගියහම අපිත් හායි හූයි ගාන්න ඇති. රෑට ටී.වී එක බලලා මාර වැඩේ දැන් සුප් බොන්නත් බෑ, රයිස් කන්නත් බෑ අර සමාජ මාධ්‍ය වල තිබ්බේ කෑම කැරට් ඇතුව මෙච්චරයි, නැතිව මෙච්චරයි කියලා. අපි ඒවා බලලා හිනා වෙනවා. ඇත්තම කථාව ඒවා බලලා අපි හිනා වෙන්න නෙමෙයි අඩන්න ඕන. අපි කැරට් කන්න ඕන ජාතියක්ද? කැරට් කන්න අය වෙනම ඉන්නවා. හැබැයි අපේ පළාතේ අපිට කැරට් නැතිව ජීවත් වෙන්න බැරිද? හැබැයි අපි මොකද කරන්නේ? එදා ඉඳන් පුරුදු වෙච්ච දේත් එක්ක, අපි ලක්ෂ ගණනක වගා කරලා, ලක්ෂ ගණනක ආදායමක් අරගෙන, අපි අපේ කන්න ඕන ටිකවත් හදාගෙන තියෙනවාද? ඇයි අපි හදාගෙන නැත්තේ? අද හේනකට ගියහම බොහොම අහම්බෙන් තමයි තියෙන්නේ බටු පැළයක්, තිබ්බටු පැළයක් විසි කරපු දෙයක් පැළ වෙලා කියලා දකිනවා මිසක් ඒ ඇරෙන්න තමන්ට කන්න හදා ගත්ත ගෙවල් නෑ.”
මෙහිදී රාජ්‍ය සේවකයින් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරටහව ගැනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියේය.
”රජයේ සේවකයෝ ලෙස ඔබතුමලාත්, අපි හැමෝමත් ඇත්තටම ඉන්නේ සතුටින් නෙමෙයි. තියෙන වියදම් එක්ක ගත්තාම, අඩුයි කියන්න කිසි දෙයක් නෑ, හැම දේම වැඩියි, ලයිට් ටිකද, වතුර ටිකද, ගෑස් ටිකද, ටියුෂන් පන්ති ගාස්තුද, ළමයින්ගේ පාසල් වියදම්ද, මේ හැම දේම ගණන් වැඩියි, මේ වෙලාවේ ගත්තම රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම ජීවත් වෙන්නේ, අද ඔබතුමන්ලාට වඩා පොල් කඩන මනුස්සයෙක් ඉතා හොඳින් ජීවත් වෙනවා,මොකද එයා එයාගේ ගාන වැඩිකරගෙන තියෙනවා වියදමත් එක්ක, පොල්ගෙඩියේ ගාන වැඩි වෙලා තියෙනවා, ඒ වගේම කම්කරුවගේ ගානේ ඉඳන්,මේසන් බාස්ගේ ගානේ ඉඳන් හැමදේම වැඩි වෙලා තියෙනවා, හැබැයි රජයේ සේවකයින්ට විතරයි තියෙන වියදමට ගැලපෙන පඩියක් ගලප්පගන්න බැරිව ඉන්නේ.ඒ නිසා මම දන්නවා රජයේ සේවකයින් බොහෝම අමාරුවෙන් ඉන්නේ, වෙනදා ජීවත් වෙච්ච විදිහටම ජීවත් වෙන්න බෑ, අපේ බොහෝ රාජ්‍යය සේවකයෝ වැටුප, බැංකු ණයට ගෙවලා, ඕ.ටී , බටා එකෙන් තමයි ජීවත් වුණේ, එහෙම තමයි ජීවිකාව කරගෙන ගියේ, මේකට උත්තරයක් වෛරයෙන් හෙව්වොත් හම්බෙයිද? තරහෙන් උත්ත්රයක් හෙව්වොත් හම්බෙයිද? කවුරු හරි කිව්වොත් හෙට ගෑස් එකේ මිළ රුපියල් 100 කින් අඩු වෙනවා කිව්වොත් දැන් මේ තියෙන පඩිය ඇතිද ජීවත් වෙන්න? ඒත් මදි එහෙම නම් මොකක්ද අපි කරන්න ඕන, අපිට පඩි වැඩි කරන ක්‍රමයකට අපි යන්න ඕන, අපේ පඩි වැඩිවෙන්න ඕන ඉස්සරහට, අපේ පඩි වැඩි වෙන්න නම් ඉස්සරහට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන, පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් වෙන්න ඕන.” යනුවෙන් දිසානායක මහතා තවදුරටත් කියාසිටියේය.
ASK