ශ්‍රී ලංකා යෞවනියන්ට තුන් කොන් කුසලානය දිනාගන්නට හොඳ ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 02 කොළඹ (LNW): බංගලාදේශයේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිතයි.මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මේ රගාවලියේ දී දෙවතාවක්ම පරාජයට පත් වූ බංගලාදේශ කණ්ඩායම අවසාන තරගයේදී ද හමුවීමට නියමිතයි.


ශ්‍රී ලංකාව පරාජය වූ තරග දෙකම බංගලාදේශය ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කරන ලද නොසළකා හැරීම්,සහ මඟ හරවා ගැනීම්වලින් බව අවසාන තරගයේදී හෝ තේරුම් ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇතිනම් එම අඩුපාඩුකම් මඟ හරවාගෙන සූරතාවය සඳහා යන්නට විශාල ඉඩක් තිබෙන බව පැහැදිළියි.


ශ්‍රී ලංකාව සතුව සිටින ප්‍රබල පිතිකාරිණියන් වන විශ්මි ගුණරත්න,නෙත්මි සේනාරත්න,මනුදි නානායක්කාර මෙන්ම දෙව්මි විහංගා වැනි ක්‍රීඩිකාවන් අතරින් අඩුම තරමේ දෙදෙනෙකු හෝ හොඳ ඉණිම් ගොඩ නැඟීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය සඳහා විශාල ඉඩකඩක් ලබා දෙනවා.
තරගාවලිය පුරාම දෙව්මි විහංගාගෙන් ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල රැක ගැනීමට ප්‍රතිවාදින් උත්සාහ දරණ බවක් පෙනෙන අතර එම තත්ත්වය තේරුම් ගෙන සෙසු පන්දු යවන්නන් ද පීඩනයක් ඇති කළහොත් බංගලාදේශ පිතිකාරිණියන්ට ලකුණු අතරට යන්නට පහසු නැහැ.අද දවසේ පළමු කාර්යය විය යුත්තේ හැකිතාක් හයේ පහර හතරේ පහර එල්ල කිරීමටත් වඩා ලකුණු නොලබන පන්දු ප්‍රමාණය අවම කර ගැනීමයි.
බංගලාදේශ කණ්ඩායම පෙර තරග දෙක ජය ගැනීම නිසාම අවසාන තරගයේ දී එය රැක ගැනීම කෙරෙහි අවශ්‍යයතාවය පීඩනයක් කර ගෙන තරගයට පිවිසීම සළකා බලද්දී,ශ්‍රී ලංකාවට එතරම් පීඩනයක් මේ මොහොතේ තිබිය නොහැකියි.පීඩනය වෙනුවට පරාජය වූ තරග දෙක අමතක කර එහි දි සිදු වූ අතපසුවීම් මඟ හරවාගෙන ජයගත හැකිය යන විශ්වාසයෙන් තරගයට පිවිසීමයි වැදගත්.දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දී සාමාන්‍ය මට්ටමේදී සෙසු රටවල් දෙකටම වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව අත්වැරදීමකින් සිදු වූ පසුබෑම මේ තරගයේදී නිවැරදි කර ගන්නට කටයුතු කරන්නේනම්,අවුරුදු 19 න් පහළ තුන්කොන් සූරතාවය ද ඉදිරි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ දිනාගත් කුසලාන අතර රැඳවිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...