සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 02 කොළඹ (LNW): ඊයේ (01) දින සිට සක්‍රීය වෙමින් කැතේ ෆැසිපික් ගුවන් සේවාව යළි තම ගුවන් ගමන් මෙහෙයුම් කරමින් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.
මෙම ගුවන් ගමන් කොවිඩ් වසංගත සමයේ එනම් 2020 මාර්තු මාසයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා තිබූණි.
ඒ අනුව සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය .
කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (01) මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සදහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
කැතේ ෆැසිපික් ගුවන් සේවා හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .