මධ්‍යම ආසියානු වොලිබෝල් ලේකම් තනතුරට පළමුවරට ලාංකිකයෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 03 කොළඹ (LNW): මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ධූරයට පත් පළමු ලාංකිකයා වීමේ ගෞරවය එස්.ඒ.නාලකට හිමිව තිබෙනවා.වර්ථමානයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා වන නාලක,මෙම තනතුරට පත් වූයේ සභාවේ ඒකමතික තීරණයකට අනුවයි.ආසියානු වොල්බෝල් සම්මේලනයට රටවල් 65 ක් අයත්වන අතර,එහි විශාල වගකීමක් සහ බලපෑමක් දරන මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයට අයත් රටවල් ප්‍රමාණය 14 ක් වෙනවා.


ආසියානු මට්ටමේ හිටපු විධායක සභිකයෙක් මෙන්ම හිටපු ශ්‍රී ලංකා වොලිබෝල් ලේකම්වරයෙක් වන සුසිල් රණසිංහ නාලකගේ පත්වීම සම්බන්ධයෙන් තබන සුබ පැතුම් සටහනක ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ වගකීම් පැවරුණු වොලිබෝල් කේෂ්ත්‍රයේ සිටි ප්‍රවීනයන් ගැන මෙසේ සඳහන් කර තිබුණා.
“මෙයට පෙර වි ඒ සුගතදාස මයා අසියනු වොලිබෝල් සමිමෙිලන ක්‍රිඩා කමිටුවෙි උප සභාපති වශයෙන්ද වි.කේ ආරැමුගමි මයා ආසියානු වොලිබෝල් සමිමෙිලන මුදල් කමිටු සාමාජිකයකු ලෙසද (1955) මර්වින් ජේ කුරේ මයා ( 1993 – 2005) ඩිලාන් පෙරේරා මයා ( 2007- 2015 ) ආසියානු වොලිබෝල් සමිමෙිලන පරිපාලන කමිටුව ද ඩිලාන් පෙරේරා මයා ජාත්‍යන්තර වොලිබෝල් සමිමෙිලන නිති අනු කමිටුව FIVB TRIBUNAL( 2005 -2009)ඩිලාන් පෙරේරා මයා සහ සුසිල් රණසිංහ මයා මධ්‍යම ආසියානු වොලිබෝල් සමිමෙිලන පරිපාලන කමිටුව ද( 2010 -2011) මෙයට පෙර ජාත්‍යන්තර සංගමි නියොජනය කල වොලිබෝල් සමිමෙිලන නිලධාරින් වෙි.”


ඉහත සටහනට අනුව එවැනි තනතුරු සඳහා ශ්‍රී ලංකාවෙන් පත් වී තිබෙන බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ දේශපාලන කේෂ්ත්‍රයට සම්බන්ධ අය බව පැහැදිළි අතර වර්ථමානයේ ද ශ්‍රී ලංකාවේ වොලිබෝල් සභාපති තනතුර දේශපාලනඥයෙකු සතුව තිබියදී මෙවැනි තනතුරකට නාලක පත්වීම විශේෂ කොට සැළකිය හැකියි.නාලක ජාතික තරුණ සේවා සභාව හරහා ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ක්‍රීඩකයෙකි.පසුව ඔහු ශ්‍රී ලංකා පොලිස් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළේය.වර්ථමානය වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා වන කාංචන ජයරත්න මෙන්ම ලේකම් නාලක ද පොලිස් සේවයේ සිට ඉවත් වූ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...