සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 03 කොළඹ (LNW): අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන දක්ෂිණ ලංකා බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන්නට මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් පැමිණි ඉන්දුනීසියානුවන් එහි අවසාන තරග සඳහා සුදුසුකම් ලබමින් සහ ජයග්‍රහණ අත් කර ගනිමින් ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංස්කෘතියේ වර්ගපලය ගැන අවබෝධයක් ලබා දෙන්නට සමත් වී සිටිනවා.
වීවෘත අංශයෙන් අවසාන තරග තුන සඳහාම ඉන්දුනීසියාවේ ඒඩ්න් ලෙෆිල්සන් මේනකී සුදුසුකම් ලබ ා සීටීම මේ අතරින් කැපී පෙනෙනවා.ඔහු කේවල අවසාන තරගයට අමතරව පිරිමි යුගල අවසාන තරගයට ආශිංසන හේරත් සමඟත් මිශ්‍ර යුගල අවසාන තරගයට රේණු චන්ද්‍රිකා ද විලිවා සමඟත් තරග බිමට පිවිසෙනවා.ඊට අමතරව අවසාන තරග දෙකකදී දැකිය හැක්කේ රනිත්මා ලියනගේ පමණයි.ඇය කාන්තා අවසාන තරගයට පහසුවෙන් පිවිස සිටින අතර විශේෂථ්වය වන්නේ ඇයට මිශ්‍ර අවසාන තරගයේදී සහය දක්වන්නේ ද ඉන්දුනීසියන් ක්‍රීඩකයෙකු වීමයි.ඇලන් ධර්මසපුත්ර ක්රිස්ටැන්ටෝ එහිදී ඇයගේ සහයට එන තරගකරුයි.
මේ වන විට අවුරුදු 50 තරග කාණ්ඩයේ සූරතාවය දිනාගෙන ඇත්තේ ද ඉන්දුනීසියාව නියෝජනය කරමින් පැමිණි මලෙව් මාරියෝ මේනකි වන අතර ඔහු එම වයස් කාණ්ඩයේ මිශ්‍ර සූරතාවය ද ඉන්දුනීසීයාවේ හෙලන් හිල්සි පුඕකී සමඟ එක්ව දිනා ගන්නට සමත් වුණා.මේ තරගාවලියේ දැක ගන්නට ලැබුණු වයස් එකතුව 110 ඉක්මවන යුගල තරගවලදී මීශ්‍ර තරගයේ අනු සූරතාවයට ද හෙලන් දායක වූවා.ඒ රොහාන් ප්‍රනාන්දු සමඟ එක්වයි.අවසාන තරගයේදී ඔවුන් පරාජය ලැබූවේ එම වයස් කාණ්ඩයේ ආසියානු සූරතාවයට හිමිකම් කී රොහාන් ඩි සිල්වා සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා හමුවේ යි.
ඉදිරයේදී මේ තරගයේ සියලු ජයග්‍රාහකයන්ගේ නාම ලේඛණය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර අද තරගාවලියේ අවසාන දිනයේ දී පැවත්වෙන අවසාන තරගවලදී කැඵි පෙනෙන තරගකරු බවට පත් වී සිටින ඒඩ්න් ලෙෆිල්සන් ගේ ඡායාරූපයක් මේ සමඟ දැක්වෙනවා.තව දින දෙකකින් අරඹෙන දක්ෂිණ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලි දෙකට පෙර සිටම ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින ඉන්දුනීසියානු බැඩ්මින්ටන් පවුල ජාත්‍යන්තර තරගාවලියට පෙරම දකුණේ ස්වභාවික ආකර්ශනය වි ගනිමින් බැඩ්මින්ටන් රස විදීමට එක්වීම වැදගත් වෙනවා.
මේනකී පවුලේ ඡායාරූපයක් මෙන්ම අවසන් තරග තුනක් නියෝජනයට සුදුසුකම් ලබා ඇති ඒඩ්න් ගේ ඡායාරූපයක් ද මේ සටහනට ඇතුළත් කර තිබෙනවා.