Online Safety පනතින් ජනතාවට අගතියක් වුණොත් සජබෙන් නොමිලේ නීති සහාය ලබා දෙනවා: විපක්ෂ නායක සජිත්

Date:

පෙබරවාරි 03, කොළඹ (LNW): මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීම නිසා සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරිමට මිනිසුන් බය වී ඇති නමුත් සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිමට බිය නොවන ලෙසත් එසේ සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිම තුළින් අසහනයට පත් වන රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය හිරිහැරවලට අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන සියලුම ජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දී ඒ වෙනුවෙන් පෙනී සිටින්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) දින සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 80 වැනි අදියර යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඇත්ත කතා කරන්න, චරිත ඝාතනය නොකර නිදහසේ සත්‍ය හෙළිදරව් කරන්න ජනතාවට අයිතිය ඇති බවත් මෙය හිට්ලර්ගේ හෝ මුසොලනීගේ හෝ ස්ටාර්ලින්ගේ රට නොවන බවත් මේ රටේ මාකොස්ලා නොමැති බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.

රට විනාශ කළ පුද්ගලයන්ගෙන් බලය ලබා ගෙන හිට්ලර්ලා, මුසෝලනීලා වෙන්න උත්සාහ කරන්නේ නම් තව මාස 7, 8කින් ජනතාව රටේ වෙනසක් සිදු කරන බවත් ඒ වෙනස පොදුජන වරම තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය