76 වන නිදහස් දින සමරුවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): 6 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙන බව සඅහන් වේ.

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.එතුමා සමඟ දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් රාජකීය තායි ගුවන් හමුදාවට ( Royal Thai Air Force ) අයත් ආර්.ටී.ඒ.එෆ්.- 244 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.මෙම පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස, කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ සටහනක් තැබීමට ද කටයුතු කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...