Poonam Pandey මිය ගිහින් නෑ, ඒක රඟපෑමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක


පෙබරවාරි , 03 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ , ඉන්දියාවේ සුරූපී නිළියක සහ නිරූපිකාවක් වූ Poonam Pandey ජීවිතක්ෂයට පත් ව ඇති බවට පුවත අසත්‍යක් වන අතර ඇය මේ වන විට ජීවත්ව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවය.

Poonam Pandey මියගිය බවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඊයේ සටහනක් තබා තිබූ අතර, ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණි.

කෙසේවෙතත් තමා ජීවතුන් අතර සිටින බව අද වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති පූනම් පාණ්ඩේ ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීම තම අරමුණ වූ බව පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉන්දියානු නිළියක් සහ...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...