ඛාන්ට ඉස්ලාම් විරෝධිව විවාහ වීම හේතුවෙන් වසර 7ක සිර දඬුවම්

Date:

සටහන: සහිකලා මධුෂාණි,

පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය බිරිඳ වන බුෂ්රා බීබීගේ දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට දින 40 ක් බලා නොසිට ඉස්ලාම් විරෝධී ලෙස විවාහ වීම හේතුවෙන් දෙදෙනාටම පකිස්ථානයේ ප්‍රාදේශීය අධිකරණයක් වසර 7ක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

එය සතියක් ඇතුළත ඛාන්ට ලබා දුන් දුන් තුන්වැනි දඬුවමයි.

බුෂ්රා බබීගේ මුල් සැමියා විසින් මෙම නඩුව ගොනුකර තිබුණු අතර ඛාන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම නඩු තීන්දුව මගින් තමා සහ ඔහුගේ බිරිඳ නින්දාවට හා අපකීර්තියට පත්කළ බවයි.

මෙම නඩුව ”ඉද්දත්” වශයෙන් හැඳින්වෙන අතර මෙම නඩු තීන්දුව ලබාදුන් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් සිවිල් සමාජය, විශේෂඥයින් සහ විශ්ලේෂකයින් විසින් විවේචනය කර ඇති අතර නීති විශාරදවරියක් වන රීමා උමර් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර තිබුණේ, මෙම තීන්දුව අපගේ යුක්තිය පසිඳලීමේ ක්‍රමයට අපකීර්තිමත් කැළලක් වන බවයි.

ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය ධුර කාලය තුළ නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ඛාන් සහ බුෂ්රා බීබී යන දෙදෙනාටම පසුගිය සතියේ වෙන් වෙන් වශයෙන් වසර 14 ක සිරදඬුවම් නියම විය.

ඉම්රාන් ඛාන් 2022 වසරේදී ව්‍යවස්ථාපිත විශ්වාසභංගයකින් ඉවත්කළ දා සිට විවිධ චෝදනාවන් 100කට වැඩි ප්‍රමාණයකට වරදකරු වූ අතර ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...