උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW):

අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව, මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත්, අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බවයි.

මීට වසර එකහමාරකට පෙර රට පුරා තෙල් පෝලිම් පැවති, විදුලිය කප්පාදු වූ, ගෑස් නොතිබුණු, පාසල් වසා තිබූ අභියෝගාත්මක කාලවකවානුවක අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ධුරය තමා භාරගත් බවත්, එම තත්වයෙන් අත්මිදෙමින් නැවත ක්‍රමවත් ව පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, දරුවන් වෙනුවෙන් රටේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කරලීම සඳහා සියලු‍ දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වන බව ද, ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු‍ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහි දී සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම ද සිදු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...