ළමා හා කාන්තා හිංසනය වෙනුවෙන් අද සිට අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් අද දිනයේ දිවයින පුරා මෙහෙයුමක් දියත් වන බව පොලිසිය පවසයි.

ඒ අනුව, පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි 2024.02.07 වන අද දින දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මෙහෙයුම මගින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පැය 0800 සිට පැය 1000 දක්වා සහ පැය 1700 සිට පැය 1900 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වය ලබාදී මෙහෙයුම් සිදු කරන ලෙසට එමගින් උපදෙස් ලබාදී ඇත.

මෙහිදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම බැගින් බස් රථ වල ගමන් කරවීමට කටයුතු කරනු ලබන අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි, බස්නැවතුම් පල, දුම්රිය ස්ථාන ආදි ස්ථාන වෙතද විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

මෙම මෙහෙයුම් සිදුකරන කාල සිමාව තුළ නිල ඇදුමින් පොලිස් නිළධාරීන් කණ්ඩායම් (විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි) සිවිල් ඇදුමින් ගමන් ගන්නා නිළධාරීන්ට සහයක් අවශ්‍ය වු විට නොපමාව එම සහාය ලබාදීමට හැකි වන පරිදි සුදානම් කර තැබීමටද කටයුතු සුදානම් කර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...