NPP නායකයන්ගේ ඉන්දියානු සංචාරයේ තෙවන දිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූ බව එම පක්ෂය පවසයි.

ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත්, ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය Balvantsinh Rajput මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වනු ලැබූ අතර ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදුවූ බව පැවසේ.

බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වන අතර අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද සිදුවූ බව ඔවුන් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...