මත්‍ද්‍රවය සැකකරුවකු වන ‘කුඩු රොෂාන්” ට ඇප!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): ‘කුඩු රොෂාන්” යන අය සහ ඔහුගේ බාල සොහොයුරා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැර ඇති බව වාර්තා වේ. ඒ වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියදීය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙම නියෝගය ලබාදී ඇති අතර, එහිදී අධිකරණය විසින්  ”කුඩු රොෂාන්” නැමැත්තාට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට මුදලින් රුපියල් ලක්ෂ 50ක ඇපයක් ද නියම කර ඇති බව වාර්තා වේ.

”කුඩු රොෂාන්” නැමැත්තාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර ඇති අතර , ඇප ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇඟිලි සළකුණු ලබාදෙන ලෙසටද සැකකරුවන්ට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු රොෂාන් නැමැත්තා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...