මත්‍ද්‍රවය සැකකරුවකු වන ‘කුඩු රොෂාන්” ට ඇප!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): ‘කුඩු රොෂාන්” යන අය සහ ඔහුගේ බාල සොහොයුරා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැර ඇති බව වාර්තා වේ. ඒ වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියදීය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙම නියෝගය ලබාදී ඇති අතර, එහිදී අධිකරණය විසින්  ”කුඩු රොෂාන්” නැමැත්තාට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට මුදලින් රුපියල් ලක්ෂ 50ක ඇපයක් ද නියම කර ඇති බව වාර්තා වේ.

”කුඩු රොෂාන්” නැමැත්තාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර ඇති අතර , ඇප ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇඟිලි සළකුණු ලබාදෙන ලෙසටද සැකකරුවන්ට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු රොෂාන් නැමැත්තා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...