මිලියනයකට අධික පලස්තීනුවන් රෆා හි සිරවී සිටියී

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 07,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ගාසා තීරයේ පිහිටි කූඩාරම් නගරය වන රෆාහි ඇස්තමේන්තුගත මිලියන 2 කට අධික ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් හිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) නිවේදනය කර තිබේ.

ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන භීතියෙන් බලා සිටින අතර රොකට් ප්‍රහාර දැනටමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව පලස්තීනුවන්ට ගාසා නගරයෙන් පිටව යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිලධාරී කළ නියෝග වලට අනුව පලස්තීනුවන්ට රැකවරණය පතා රෆා වෙත යාමට සිදු විය. නගරය ඊජිප්තුවට මායිම් වුවද, එම රටට ඇතුළුවීම මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇත.

ඊශ්‍රායල නායකයින් මෑත දිනවල රෆා වෙත ඔවුන්ගේ අවධානය යොමු කර ඇති අතර,හමාස් හි ඉතිරිව ඇති අවසාන බලකොටුව රෆා වේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) සඳුදා ප්‍රකාශ කර තිබුණේ, රෆා නගරය මේ වන විට ආහාර, ජලය, නවාතැන් සහ ඖෂධවල උග්‍ර හිඟයකට මුහුණ දී තිබුනද සරණාගතයින් තවමත් රෆා වෙත ගලා එන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...