*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවෙන් පෙරට යාමට විරේන් සහ බුවනෙක සමඟ කාන්තා යුගල තුනක්- ඉසුරි සහ සිතුමි අවසාන පූර්ව වටයටත්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 08 කොළඹ (LNW): ගාල්ල,දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණය පදනම් කරගෙන පවත්වනු ලබන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියේ පෙබරවාරි 7 වන දා දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පිරිමි කේවල් තරගවලින් ඉදිරි වටයේ තරග වැදීමට සුදුසුකම් ලබා සිටින්නේ බුවනෙක ගුණතිලක සහ විරේන් නෙත්තසිංහ පමණයි.පිරිමි යුගල අංශයේදී ඔවුන් දෙදෙනා එක්ව යුගල තරග සඳහා මුහුණ දෙන අතර එම තරග අංශයෙන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට අපරාජිතව සිටින්නේ ද විරේන් සහ බුවනෙකම පමණයි.ඊට අමතරව කාන්තා යුගල අංශයෙන් ද යුගල තුනක් ඉදරියට පැමිණීමට සමත් වුණා.


මේ අතර කාන්තා කේවල තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුන එකම තරගකාරිය වූ රනිත්මා ලියනගේගේ ඉදිරි ගමණට අද දිනයේදී මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක 7 ට සිටින අයිශ්වා සටීවා විසින් බාධා පමුණුවා අත් හිටුවා දැමුවා.විනාඩි 38 ක් පුරා පැවති ඔවුන්ගේ තරගයේදී අයිශ්වා විසින් රනිත්මාව ලකුණු 21 – 17 සහ 21 – 18 ක් ලෙස පරාජයට පත් කළා.


බුවනෙක ගුණතිලක දෙවන වටයේ දී ඉන්දියානු ක්‍රීඩක මේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල අංක අංක 9 ට සිටින ඉන්දීය ක්‍රීඩක රවීව ලකුණු 21 – 16 සහ 21 – 18 ක් ලෙස පරාජයට පත් කරේ විනාඩි 40 ක කාලයක් වැය කරමින්.විරෙන් නෙත්තසිංහගේ ප්‍රතිවාදියා වූයේ අභිෂේක් කනපාල යි.ඔහු විරෙන් ඉදිරියේ විනාඩි 36 ක් වැය කරමින් සටන් කළත් අවසාන ප්‍රතිපලය වූයේ ලකුණු 21 – 09 ක් සහ 21 – 13 ක් ලෙස විරෙන් ජය ගැනීමයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් යුගල තරග අංශයේ වඩාත් අත්දැකීම් ඇති බුවනෙක සහ විරේන් එක්ව ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රමගෙන් සහ නේපාලයේ ප්‍රින්ස් දහාල්ගෙන් සුසැදි යුගලය වට 2-1 ලෙස පරජයට පත් කළා.විනාඩි 55 ක් දුර ඇදුණු මෙම තරගයේදී ලකුණු 15-21, 21-15, 21-16 ලෙස තරගය ජය ගන්නට විරේන් සහ බුවනෙක සමත් වුණා.


කාන්තා යුගල තරග අංශයේ දී ඉදිරියට පැමිණි යුගල තුනෙන් විදේශික යුගලයක් පරාජය කරන්නට හැකි වුයේ බුත්මි ගලගමගේ ට සහ ගයන්ති නදීශා ට පමණයි.ඔවුන් දෙදෙනා වෙතින් බංගලාදේශයේ උර්ම අක්තාර් සහ නසීමා කතූන් ලකුණු 21-16, 12-21, 24-22 ලෙස විනාඩි 50 ක් දිග ඇඳුණු තරගයෙන් පරාජයට පත් වුණා.අනෙක් යුගල දෙකටම ප්‍රතිවාදීන් ලෙස ලාංකික යුගලයන්ම මුණ ගැසීම විශේෂ වූ අතර ඒ අතරින් ඉදිරියට පැමිණි ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා මේ වන විටත් අවසන් පූර්ව තරග සඳහා පිවිස තිබෙනවා.ඒ 8 වන දා පවත්වන තරගවලදී ඔවුන්ට එරෙහිව තරග වඳින්නට නියමිත ඉන්දියාවේ පලක් අරෝරා සහ උනාටි හූඩා තරග බිමට නොපිවිසෙන තත්ත්වය තුළ මේ වන විට ඔවුන් නිතරග ජයක හිමිකාරියන්ව සිටින නිසයි.කාන්තා යුගල තරගවලදී පෙරට ආ සෙසු යුගලය වන්නේ දිල්ශි දිසානායක සහ ලොරානි වීරසිංහයි.

මේ අතර ශ්‍රී ලංකා බැඩිමින්ටන් පමණක් නොව ශ්‍රී ලංකාවම ලත් ජයත් බවට තරගාවලියේ ආකර්ශණය රට රටවලට විහිදෙමින් තිබෙන අතර ඔවුන් සියලු දෙනා තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සතුටෙන් කතා කරනු දකින්නට ලැබිණ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan