ශ්‍රී ලංකාවේ පුත්කාල විද්‍යා අධ්‍යාපනයේ පියා මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

0
363

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රය සඳහා අමරණීය සේවාවක් කළ මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යනවිට ජයසිරි ලංකාගේ මහතා 87 වන වියේ පසුවිය.

ජයසිරි ලංකාගේ මහතා,20 වන සියවසේ අගභාගය ආරම්භයේ සිට පුස්තකාල සේවාවේ උන්නතියට අමිල මෙහෙයක් සිදුකළ අයෙකි. එනිසාම ඒ මහතා ශ්‍රී ලංකාවේ පුත්කල විද්‍යා අධ්‍යාපනයේ පියා ලෙස හැදින්වේ.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිට පුස්තකාල විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඒ මහතා ඉටුකළ මෙහෙය අති මහත් වේ.

ජයසිරි ලංකාගේ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකු මෙන්ම පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස උපරිම සේවාවක් ඉටුකර ඇති අයෙකි.